පාසල් දරුවන් වෙනුවෙන් තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් මීගමුවේදී. …..

0
110

 

( 3.00 pm ) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂිත සේවාවක් වන තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින ජංගම සේවා වැඩ සටහනක් ගම්පහ උතුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි එල්.ඒ.පී.මල්කාන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් 2025.03.14 සිකුරාදා දින මීගමුව තැපැල් කාර්‍යාලයේ දී එම දිනය පුරා පවත්වන ලදී.IMG 20250316 WA01141IMG 20250316 WA0112

ප්‍රධාන තැපැල් ස්ථානාධිපති (මීගමුව) චන්දිමා සෙනෙවිරත්න මහත්මිය සහ කාර්‍ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කළ අතර ගම්පහ දිසා පාලන නිලධාරි උදේනි පෙරේරා මහත්මිය ඇතුලු කාර්‍ය මණ්ඩලය විසින් තැපැල් හැදුනුම්පත් නිකුත් කිරීම සාර්ථකව සිදුකරන ලදී.IMG 20250316 WA0115

පාසල් දරුවන් බොහෝ දෙනෙකු තැපැල් හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම සළකාබලා මෙම ජංගම සේවය පවත්වන ලදී .ඒ අනුව එම සේවාව ඔස්සේ පාසල දරුවන් 249 දෙනෙකුට එදින සිය තැපැල් හැඳුනුම්පත් ලබා ගැනීමට හැකිවුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here