පාසල් සංවර්ධන නිලධාරී උද්ඝෝෂණයට පිහි අරං ආවේ කව්ද?

0
127

( 7.30 am ) ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයේදී පිහි කල්ලියක් ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ජවිපෙට සම්බන්ධ ලංකා ට්රුත් අඩවිය වාර්තා කරයි.

මේ අතර සංවර්ධන නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ උද්ඝෝෂකයින් අතරට පැමිණ සිටි නාදුනන පුද්ගලයකු තමන් අල්ලා පොලිසියට බාර දුන් බවත් ඔහු ඉතා සාමකාමීව පොලිස් ජීප් රියකට නංවා ගත් බවත්ය. එම පුද්ගලයාට වූ දෙයක් තලංගම පොලිසිය ප්‍රසිද්ධ කළ යතු බව ඔවුන් ප්‍රකාශ කරයි.

 

ලංකා ට්රුත් අඩවිය තවදුරටත් මෙසේ වාර්තා කරයි.

පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස රජයට බල කරමින් එම විරෝධතාවය පවත්වනු ලැබීය. එහි සංවිධාන කටයුතු “ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව” නමින් හඳුන්වා ගත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය. ඔවුන් අතර සිටි පිහි කල්ලියක් ද ක්‍රියාත්මක වී ඇති බව පොලිස් නිලධාරීන්ට එල්ල කළ ප්‍රහාරයෙන් තහවුරු වී ඇති අතර සංවිධායකයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම විසඳීම සඳහා ආණ්ඩුව සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබියදී එම උද්ගෝෂණය පවත්වනු ලැබීය. එහිදී ප්‍රහාරයට ලක් වූ එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් තහවුරු කර ඇත.

ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරවීමේ අරමුණින් පොලිසිය සහ උද්ගෝෂකයන් අතර බරපතළ ගැටුමක් සාදා ගැනීම සඳහා සංවිධානාත්මකව එම පිහි ප්‍රහාර එල්ල කර ඇති බවට සැකයක් මතු වී තිබේ.

srilankabrief.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here