පාසල් සිසුවියකට නිරුවත පෙන්නූ වෙළද සැල් හිමියා රක්ෂිත බන්ධනාගාරයට…

0
102

Negombo-news-මීගමුවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක 09 වන වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසු දැරියක් ඉකුත් ඔක්තෝබර් 28 වැනි දින පෙරවරු 1.30 ට පමන පාසල නිමවී නිවසට යාමට මීගමුව බස් නැවතුම් පලට ගොස් ඇත. එහිදී චොකලට් එකක් මිලදී ගැනීම සදහා බස් නැවතුම් පල අසල ඇති මෙම වෙළද සැලට පිවිස තිබේ. එහිදී එම වෙළද සැල් හිමියා දැරියගේ සිරුර (පපු ප්‍රදේශය) ස්පර්ශ කර — මීට කලින් කවුරු හරි මෙහෙම අල්ලා තිඛෙනවාදැයි ˜ අසමින් ඔහුගේ සිරුර (රහස් ප්‍රදේශය) දැරිය ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත.

මෙම සිද්ධිය නිසා ඇය භීතියටත් ලැජිජාවටත් පත් වූ බවත් තම දෙනෙත් නිලංකාර වූ බවත් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල බී වාර්තාවේ සහන් කර තිබේ.
මේ අනුව සැකකාර මෙම වෙලද සැල්හිමියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර ඇති අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා විසින් මෙම වෙළද සැල් හිමියාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විතාරණ මහත්මියගේ උපදෙස් මත මෙම සිදුවිමේ විමර්ෂන කටයුතු සිදු කර ඇත.
වාර්තා වන පරිදි මෙම වෙළද සැල් හිමියා මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.