පාස්කු අවනඩුව ජාත්‍යන්තර අධිකරණයටද ? දෙවියන්ගේ උසාවියටද ?

0
152

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බැවින් සියලු කතෝලිකයන්ට දැන් සිදුවී ඇත්තේ මේ අවනඩුවට දෙවියන් වහන්සේගේ උසාවියෙන් සාධාරණයක් ඉල්ලා බලා සිටීම බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ජේසුස් වහන්සේගේ කුරුසියේ දිවි පිදීම සිහිකෙරෙන සමය ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ඊයේ (17 වැනිදා) පැවැති අළු බදාදා දේවමෙහෙයේදී මේ බව පැවැසූ බව වැඩිදුරටත් එහි සදහන්ය

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙහිදී පවසා සිටියේ ඊයේ (17 වැනිදා) දිනයේ ආරම්භ වූ චතාරික කාලය පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වූ පුද්ගලයන්ට ඉටුවිය යුතු සාධාරණය ඉටුවේවායි යාඥා කිරීමට යොදා ගන්නා ලෙස සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසා තිබේ.

මේ අතර පසුගියදා කාර්දිනල් හිමියන් කියා තිබුනේ පාස්කු අවනඩුවට මෙහිදි සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට යන බවය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් කාර්දිනල් හිමියන් හට සමාජ මාධ්‍ය වල බරපතල විවේචන එල්ලව තිබුනේ ජාත්‍යන්තර මැදිහත්විම් .ජාත්‍යන්තර අධිකරණ පිලිබදව පසුගිය කාලය තුල එතුමින් දැඩි විවේචන ඉදිරිපත් කර තිබුන පසුබිමකය.
කෙසේ වෙතත් අරුණ වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇති පුවතට අනුව කාර්දිනල් හිමියන් සිය ජාත්‍යන්තර අධිකරණ යන කථාව යළි වෙනස් කර ඇති බවය.

මෙම ප්‍රහාරය සංවිධානාත්මකව සිදුකළ බවට මේ වන විට ඔප්පු වී ඇතැයිද මෙය පිටුපස මෙරටේ සහ වෙනත් රටවල කණ්ඩායම් සිටින බවද උන්වහන්සේ පැවැසූහ. කාදිනල් හිමිපාණන් පවසා සිටියේ ජාත්‍යන්තර බලවේගවලට ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි මේ අනුව අරුණ වෙබ් අඩවිය අද වාර්තා කර තිබේ

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම ජාතික වගකීමක් බවත් වෙනත් ආගම්වල පිරිස් එකට එක්වී මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය යුතු බවත්, සියලු ආගම් අතර සමගිය සහජීවනය රැකගන්නා නව සංස්කෘතියක් මෙරටේ නිර්මාණය කළ යුතු බවද උන්වහන්සේ අළු බදාදා දිනයේදී තවදුරටත් කියා සිටි අවසන් වශයෙන් එම පුවතේ සදහන්ය