පාස්කු ඉරුදින ප්‍රහාරයේ දුක බෙදා ගන්න මෙස්සීනා රදගුරුත් එක්වෙයි !

0
314

මෙසිනා 2මෙසිනා 4අන්තවාදී ත්‍රස්තයින් විසින් පසුගිය 21 දින ලොවම කම්පා කරමින් දේවස්ථාන හා සංචාරක හෝටල් මූලික කරගෙන මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් කිහිපයක් ශ්‍රී ලංකාවේ සිදුවිය.
එම සිදුවීම් හේතුවෙන් අහිමි වූ ජිවිත හා විපතට පත් වූවන් සිහි කරමින් අප්‍රියල් මස 28 වන ඉරුදින සවස 9 ට මෙස්සිනා ශාන්ත එලියා දේවස්ථානයේ විශේෂ වූ දේව මෙහෙයක් සිදු කෙරිනි.
මෙම දේව මෙහෙය  මෙස්සිනා නගරය භාරව සිටින රදගුරු ජොවන්නී ලාකොල්ලා පියතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරිනි.මෙසිනා 5මෙසිනා 11
මේ සදහා මෙස්සිනා නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර වල වෙසෙන සංඝයාවහන්සේලා ද   නගරයේ මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව මෙස්සීනා නගරයේ සංක්‍රමණිකයින් වෙනුවෙන් පෙනී සිටින සන්තීනො තොරනේසී මහතා හා මෙස්සිනා සාන්ත එලියා කිතුනු සංගය එක්ව සංවිධානය කර තිබිනි.
සටහන සහ ඡායා – ඩිල්ෂාන් තිසේරා මෙසිනා 12මෙසිනා 13මෙසිනා 15

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here