පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කථා කළ ෂෙහාන් මාලක අත්අඩංගුවට …

0
200

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේ ෂෙහාන් මාලක ගමගේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් විවෘතව අදහස් පළ කර තිබුණි. එය දේශපාලන කුමන්ත‍්‍රණයක් බව ප‍්‍රකාශ කළ ගමගේ ඒ ගැන සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

. 2021 අගෝස්තු මාසයේදී, ප්‍රහාරයන් පිළිබඳ ඔහුගේ අදහස් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දින ගණනාවක්ම ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර ඔහුව අද අත්අඩංගුවට ගත්තද ඔහු රඳවා තබා ගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් පොලිසිය අනාවරණය කර නොමැති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විඩියෝ ….