පාස්කු දින ප්‍රහාරය වලකාගන්න කටයුතු නොකළ ජනපති ගැන කාර්දිනල් හිමි නිහඬද?

0
129

CARDINAL 1පාස්කු  දින ප්‍රහාරය පිලිබදව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති මේ වන විට කර තිබෙන හෙළිදරව් කිරිම් හමුවේ පැහැදිලි වන එක කරුණක් තිබේ.එනම් සියළු ආරක්ෂාවන් භාර සේනාධිනායකයාද වු ජනපති සිරිසේනගේ බරපතල නොසැලකිල්ලයි.ඔහුට ඒ අනුව කිසිලෙසකින්වත් මේ එල්ල වන චෝදනා මගහැර යා නොහැකි තත්වයක් මේ වන විට උදාවි තිබේ.රටතුල මතුව ඇති අර්බුදය හමුවේ ජාතිවාදි නඩය මුස්ලිම් විරෝධය අවුලුවමින් තිබියදි එහි වාසිය ගෙන විරයෙකු වන්නට උපවාසයකට වාඩිවු රතනහිමි බැලිමට යාමෙන් කාර්දිනල් හිමියන් ඉරපැන ඇති ආකාරය ගැන දැන් බරපතල විචේනයක් මතුව තිබේ.සියලු ආගම් අතර සංහිඳියාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටිමින් කටයුතු කළ යුතුව තිබියදි කාර්දිනල් හිමියන්ගේ ඒ හැසිරිම ආගමික නායකයෙකුට කිසිසේත්ම නොගැලපේ.ප්‍රැන්සිස් පාප්තුමන් යුධවදින නායකයන්ගේ දෙපා සිඹ සාමයට යන්නැයි ඉල්ලා සිටිද්දේ එතුමන්ගේ ලංකා නියෝජිතයෙකු වන කාර්දිනල් හිමියන් මුස්ලිම් විරෝධයට උඩගෙඩි දෙමින්  උපවාසයකට වාඩිවු  රතන හිමිගේ සුව දුක් විමසා සිටි.මෙසේ ඉරපැන්න කාර්දිනල් හිමියන් ජනපති සිරිසේනගේ වගකිම විරහිත බව පිලිබදව දැන් නොනවතින අරගලයක.නිරතවිය යුතුව තිබේ.ඒ කිතුණු බහුතරයකට මරු කැදවු බෝම්බ ප්‍රහාර නවත්වාගන්නට සකලකාර ආරක්ෂාවන් භාරව සිටින සේනාධිනායකද වු ජනපති සිරිසේනගේ කිසිදු සක්‍රීය මැදිහත්විමක් සිදුකර නැති බව ඉතා පැහැදිලි ලෙසින්ම හෙළිදරව් වි ති⁣බිම නිසාය.කාර්දිනල් හිමියනි ඔබ 6 යේ පාරවල් ගහන හැටි අප බලා සිටින්නෙමු.මේ ඔබ පිළිබද ඉතා පැහැදිලි ලිට්මස් පරික්ෂාව බවද අමතක නොකරන්න.