පාස්කු නාට්‍ය දෙසට

0
477

එය දාහත්වන සියවසේ මැද භාගය විය. ලන්දේසින් කොලොම්පුරය මෙන්ම යාපනය යටත් කරගත් වකවානුවක් විය. වෙසෙසින්ම කතෝලිකයින්ට ලන්දේසින්ගෙන් තාඩන
නෙක ආගම්වලට කැඩි බිදී යන්නටත් පඩුරු පාක්කුඩම් වලට ලොල්වී තම කතෝලිකත්වය පාවා දෙන්නටත් උත්සුක වු කතෝලිකයින් සුළු පිරිසක් එකල සිටියද බොහෝ දෙනෙක් තම අනන්‍යතාවය තහවුරු කරමින් කතෝලිකත්වය පෙරදැරිව රහසිගතව තම වත්පිළිවෙත් කරන්නට උත්සුක වුහ. 1687 වන විට ගෝවෙන් බට ජුසේවාස් පියතුමාගේ ආශීර්වාදය මීගමු  පුරවරය අවට ගම්මානවල කතෝලිකයන්ගේ  අස්වැසිල්ලට හේතුවක් විය.ජුසේවාස් පියතුමාගේ ඉල්ලිම පරිදි දෙවන රාජසිංහ රජතුමා වෙරළබඩ පළාත්වල ලන්දෙසි හිරිහැරවලට ලක්වු කතෝලියන් වහකෝට්ටේ මහනුුවර ගලගෙදර වැනි ප‍්‍රදේශවල ස්ථානගත කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

1721 වනවිට රෙපරමාදු ආගම රාජ්‍යය අනුග‍්‍රහයන් යටතේ ලන්දේසින් විසින්
ප‍්‍රචලිත කෙරුමට ගත් උත්සාහය කතෝලිකයන්ගේ කතෝලිකත්වය හමුවේ පුස්සක් විය. කතෝලික ඔරතෝරියානු පුජකවරුන්ගේ මැදිහත්වීමෙන් කතෝලිකත්වය කරන්නට ගම්මුන් පෙළගැසි සිටියහ. 1744 ලන්දේසින්
වාර්තාවක් පෙන්වා දෙන්නේ සුළු පිරිසක් හැරුනද බෝහෝ කතෝලියන් තම ආගම අත්නොහැරිය බවයි.
වර්ෂ 1750 දී වැල්ලවීදිය කුඩාපාඩුව ආදි කතෝලික ගම්මාන තම ආගමික
නිදහස ඉල්ලා ලන්දේසි ආණ්ඩුකාරයාට පෙත්සමක් යැවීය.

1750 දී පිටිපන දුව ඇතුළු ගම්මාන තම ආගමික නිදහස ඉල්ලා උද්ඝෝණයක

සිරිලක් ඉතිහාසය ගැන බලනවිට 1764 විලියම් පෝක් ලන්දේසි ආණ්ඩුකාරයගේ
අණසකින් පැමිණි හමුදා නිලධාරින් පිටිපන පාස්කු නාට්‍යය වරෙක තහනම් කළ බවද එයට තහන්චි පැනවු බවද ඉතිහාසය සාක්ෂි දරයි. 80 දශකයේ මුල්
භාගයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් පිටිපන, දුව පාස්කු ජර්මනියේ
ඔබර් අමර්ගෝ නාට්‍යයට සම කළහ.

ගම්මානයක් ලෙස පාස්කුවට සම්මාදම් විම හරිම අපුර්ව අත්දැකිමකි. අදටත්
චතාරික දින හතළිහ තුළ මීගමුව පුරවරයේ සම්ප‍්‍රදායික පාස්කු ගම්මාන
වල චතාරික වත්පිළිවෙත් ඉත සිතින් වැළද ගනියි. එය තම ජීවිතය කර ගනියි.
දින හතළිහ එක්වරු ශිලය රක්ෂා කරන සැදැහැවතුන් මෙන් මල මස්, මාළු, කරවල පමණක් නොව සියළුම අශා වලින් දුරස්ව ධ්‍යානයකට සමවැදි සිටින පාස්කු
නාට්‍යය ශිල්පින් අදටත් මීගමු පුරවරයේ මෙන්ම නෙක සිරිලක පාස්කු මාස ගණනක් මුළුල්ලේ කි‍්‍රස්තු චරිතය රඟපාන එයට පේවි තම සුචරිතය වඩවන
දැහැමි ජවිත ගෙවන සැදැහවත් ශිිිිිිල්පින් මම පෞද්ගලිකවම හදුනමි.

ඉපැරණි පාස්කු ඉතිහාසය සනිටුහන් කරන පාස්කු මණ්ඩප සිරිලක ඇත්තේ
අතළොස්සකි. ඉන් පිටිපන සහ පමුණුගම පාස්කු මණ්ඩප කැපීපෙනෙයි.

එදා අර්ථවත් පාස්කු චරිතය ඇතුළු සියළුම චරිත ෙවිදිකාගත වුයේ රූකඩ හෝ ප‍්‍රතිමාරූප භාවිතයෙනි.
තාත්විකත්වය නිරූපිත මෙම පිළිමවල සජීවි බව, එය නිමවන කලාකරුවාගේ කුසලතාවය මොනවට කියාපායිද ? කාලයාගේ ඇවෑමෙන් චරිත බොහෝමයක් පණපොවන්නට ශිල්පින්ට හැකි වුවද , කි‍්‍රස්තු චරිතය සහ දෙව්මව් චරිතය එලෙසම රූකඩ හෝ පිළිම භාවිතයෙන් ෙවිදිකාගත විය.
ගොබ් ඉරිදාවෙන් පටන් ගෙන පාස්කු ඉරිදා දක්වා දින හතරක් මුළුල්ලේ මෙකී
මුහුදු බඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව ස්ථාන කීපයක් තෝරාගෙන සීමොන්
සිරිනෙවුස් දර්ශනය, වේරෝනිකා ස්ති‍්‍ර මුණ ගැසිම, තුන්වරක් කි‍්‍රස්තුන්
වහන්සේ කුරුසිය බරින් බිම වැටිම වැනි දර්ශන රංගගතවිම චමත්කාර ජනකව සිදුවිය.
එය වචනයේ පරිසමාප්ත අරුතින්ම භක්ති අභ්‍යාසයක් විය. හැඩූ කදුලින් ඒ
පාදනමස්කාරයට සම්බන්ධ වු මව්වරුන් පියවරුන් ගේ ශෝක බරිත මුහුණවල්
මට තවමත් මැවී පෙනේ. මහ සිකුරාදා කුරුසයෙන් බිමට බාන විට ලතෝනි
පටන් ගනියි. එය ආලේලූයියා සෙනසුරාදා වන තෙක් මීගමුව අවට ගම්වල නිම්නාද දෙයි.

විදුලිබලය නොතිබු එම යුගයේ පන්දම් පත්තුකරගන්මින් දේවස්ථාන අවට
පසන් ලතෝනි ගී ගායනය අදත් මාගේ මනසේ රැුව්පිළි රැුව් දෙයි. පසුකාලිනව
කි‍්‍රස්තු චරිතය සහ මරියතුමිය චරිතද මිනිසුන් විසින් රඟදක්වන්නට යෙදුණ අතර
ඒවා පාස්්කු ඉකිහාසයේ කඩඉම් ලෙස සටහන් කල හැකිය. වත්මන් මීගමුව පුරවරයේ නළුනිලියන් රාශියක් කැටුව සිදුකරන පාස්කු නාට්‍යයන් කීපයක් ගැනම අපට අසන්නට ලැබේ. ඉන් ප‍්‍රමුඛව දැකිය හැකි නාට්‍ය අතර රිචඞ් මානමුදලි ශිල්පියා සහ පීටර් වෙළඹගේ ශිල්පියාගේ පාස්කු නාට්‍යයන් කැපී පෙනෙයි.  වෛද්‍ය ප‍්‍රභාත් ආලෝක ශිල්පියා ද නාමල් වේවැල්දෙණිය නර්තන ආචාර්යතුමා කැටුව අලූත් පාස්කු දැක්මට අත්පොත් තබා තිබේ.
සම්ප‍්‍රදාය ගුරුකොට බැලේ සම්ප‍්‍ර‍්‍රදාය මුසු කර වේදිකා ගත වන්නට නියමිත මෙම
පාස්කු දැක්මද මීගමුවට අලූත් අත්දැකිමක් වනු ඇත. පාස්කු සංස්කෘතියට
අලූත් කඩඉමක් වනු ඇත. එහි ගුණ අගුණ කතා කිරිම පාස්කුවට ආදරය කරන කාගෙත් වගකීම වනු ඇත.
මෙරිල් මීපුර