පාස්කු ප්‍රහාරයේ චූදිතයෝ, යුධ අපරාධ සහ ජාතික ජනබලවේගය

0
440

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළ වුන් හට තම පාලනයක් යටතේ දඬුවම් කරන බව ජාතික ජනබලවේගය පසුගියදා කාර්දිනල් හිමි වෙත පොරොන්දු වි ඇති බව මේ දිනවල මාධ්‍ය වාර්තා වල ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.

බලය වෙනුවෙන් අහිංසකයන් සිය ගණනකගේ ජිවිත බිලිගත් ඒ පාපතරයන්ට එරෙහිව උපරිම දඬුවම් ක්‍රියාත්මක විය යුතුමය.

මිනිසත්කමට ,මුලික නීතියට එරෙහිව එරෙහිව කව්රු කොතැනක වරදක් සිදුකළද උපරිම දඬුවම් උන්හට හිමිවිය යුත්තේමය.

පසුගිය යුධ සමය තුල යුධ අපරාධ සිදුකල උන් ගැනද දැන් ජාතික ජන බලවේගය සිය ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ.

අහිංසක ජිවිත බිලිගත් සුනිල් රත්නායකලා වැනි නරුමයන් රැසක් සිටිති.ජාතික ජනබලවේගය කොයිතරම් නම් යුක්තිගරුකද යන්න පිලිබදව ලිට්මස් පරික්ෂණය වන්නේ යුධ අපරාධ සිදුකළ උන්ටද තම පාලනය යටතේ ගැලවිමක් නැතැයි කියන්නේ නම් පමණි.

උතුරු නැගෙනහිර ජනයා මෙන්ම එහි සිටින කතෝලික නායකයන් හමුවේ  මේ පොරොන්දුව ජාතික ජනබලවේගය ලබා දෙන්නේ කවදාද?

ඔවුන් එසේ නොකරන්නේ නම් ජාතික ජන බලවේගය යනු පාස්කු ප්‍රහාරයද තම දේශපාලන වාසිය තකා යොදාගත්.තවත් දේශපාලන බලවේගයක් පමණක්ම වනු ඇත.