පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ගැන මෙන්ම යුධ සමයේ අසරණයන් ඝාතනය කල අය ගැනත් කතා කරමු..

0
316

අපේ කාර්දිනල් තුමා මේ දවස් වල හයේ පාරවල්ම ගහන්න පටන් අරන්.පාස්කු ප්‍රහාර⁣ය ගැන මෙන්ම ප්‍රති ත්‍රස්ත පණතටත් එරෙහිව කරමින් සිටින මේ සැර ප්‍රකාශය කොයිතරම්ද කියල කියනවනම් ඒවගේ දේවල් වලට එරෙහි වෙන්නේ නැත්නම් ඒක කිතුණු කම නෙමේ කියන්න තරම් දැවැන්ත ඉදිරිගාමි තැනකට ඇවිත්.


මේ රැඩිකල් ප්‍රකාශ නිසාම බුකිය පුරාමත් කිතුණු ජනයා අතරත් දැන් කාර්දිනල් තුමා වීර චරිතයක්. බුකියේ සමහර අය කාර්දිනල්තුමන්ව අනික් ආගමික නායකයන් සමගින් සසදන්නත් පටන් අරන්

යුධ සමයේ බෝම්බ ප්‍රහාරයට ලක්වු නාවලි පල්ලිය – මෙම බෝම්බ ප්‍රහාර වලින් කුඩා ලමුන් ඇතුලු 100 අධික පිරිසක් මිය ගොස් තිබුණි

ඇත්තටම හොදයි. හැබැයි වැඩේ කියන්නේ යුද්ධ කාලේ උතු පල්ලි වලට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණා.
එ වගේම කතෝලික පියතුමන්ලා ඇතුළු ,දහස් ගණන් ඝාතනය කරපු සිදුවිම් ගැන උන්නාන්සේ තාම මුකුත් කියනව අපට ඇහුනේ නැනේ.

යුද්ධෙ ඉවර වෙලා හමුදාවට භාර වුන වයෝවෘද්ධ ප්‍රැන්සිස් ජොශ්ප් පියතුමා ඇතුලු දහස් ගණනක් ගැන කතෝලික පල්ලිය එදා වගේම අදත් නිහඬ නම් ඒක කතෝලික කමද අපට අහන්න වෙන්නෙත් කාර්දිනල් උන්නාන්සෙගෙන්ම තමයි.
මොකද ඒ උන්වහන්සේ අවාධාරණය කරන්නේ අයුක්තියට එරෙහි පෙනි සිටිම කිතුණුකමයි කියල

කතෝලිකකමේ හරය පදනම කියන්නේ තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන එක,තමන්ගේ සහෝදරයාට කරුණාව දක්වක එක.

එහෙම නොකරනව නම් එයාල කිතුණුවෝද?

දැන් මේ ගැනත් කාර්දිනල් උන්නාන්සේ උත්තර දෙන්න ඕනා.

ත්‍රස්ත පණත යටතේ.නඩුත් නැතිව දශක ගණන් දෙමළ මිනිස්සු සිරකරගෙන ඉන්න කොට මේ ගැන දකු⁣ණේ සභා නායකයෝ කටක් ඇරියද ?

නැ.දැන් දකුණ මර්ධනය කැදවන පණත් එනකොට තමයි එයාලගේ සෙන්සර් ඔන් වෙන්නේ?
කොහොම උනත් මර්ධනිය අණපනත් වලට එරෙහිව ආගමික නායකයන්ගේ මේ මැදිහත්විම් ඉහලින් අගේ කරන්න ඕනා. ඒත් අපි කතෝලික සභාවට මතක් කරන්නේ උතුරේ සහ නැගෙනහිර සිදුවෙච්ච දේවල් ගැන එදත් අදත් ඇයි නිහඩ කියලයි ?

ඒ ඇයි?