පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනම් කරන බවට ජනපතිගෙන් ප්‍රතිඥාවක්

0
39

ජනාධිපති අනුර දිසානායක මහතා   ඊයේ (06) වනදා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේස්ථානය පැමිණන ලදී. මෙම අවස්ථාවට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහභාගී වූ අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවද එම අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙම අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් කළහැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත්, විපතට පත් වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිඥා දුන්නේය.