පාස්කු ප්‍රහාරයේ සිව්වන වසර නිමිති කොටගෙන මඩකලපුවේදි සැමරුමක්.

0
241

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ඥාතීන් වෙනුවෙන් 4 වන වාර්ෂික ගුණානුස්මරණ උත්සවය මඩකලපුවේ අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී අද සවස පැවැත්වුණි.


ප්‍රදේශයේ තරුණයින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදී මඩකලපුව සියොන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 31 දෙනාගේ ඡායාරූප ඇතුළත් සමරු ඵලකය ප්‍රදර්ශනය කරන ලදී.

wp 1682093747573
wp 1682093663826
wp 1682093700728

ඔවුන්ගේ ආත්මයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ආත්මයන්ට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් විශේෂ යාඥාවන්ද පවත්වන ලදී.

ගැරු ලොරන්ස් පියතුමන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය Nga Sugunan, සහ සමාජ ක්‍රියාකාරි K. V. Lavakumar ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම .බෝම්බ ප්‍රහාරයෙන් 270 දෙනෙක් මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here