Sunday, September 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home News පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි !

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි !

0
108
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක් බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත්වූ පවුල්වල සුභසාධන කටයුතු සිදුකරන, කොළඹ අගරදගුරු පදවිය මගින් පාලනය වන ‘සෙත් සරණ’ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.ප්‍රහාරයට ලක් වී මාස නවයකට පසු ඇය මෙසේ මියගොස් තිබේ.

ඇය කොටහේන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිට ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර එවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇත.

ඇගේ මරණයත් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් ඇති අතර කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 55 ක් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු කීවේය.
lankadeepa.lk/ ada derana

 

 

Exit mobile version