පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටගැසිමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා!

0
246

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගැසිමට ගෙන යන සකලාකාර කුමන්ත්‍රණවලට එරෙහිව අද පෙරවරුවේ මිගමුවේදි විරෝධතාවයක් පැවැත්විණි.මිගමු පුරවැසි එකතුව විසින් සංවිධානය කර තිබුන මෙම විරෝධතාවයට ඒ ඒ සංවිධානවල සමාජික සමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ.

මේ අතර අද මිගමුවේ ස්ථාන කිපයකදි ප්‍රදර්ශනය කර තිබෙන බැනර් කිපයක්ම විසින් මතුකර තිබුන බරලතල කරුණු කිපයක් විය.ඉන් ප්‍රධානතම එකක්වි තිබුනේ රටේ ආරක්ෂාව අනතුරේ යැයි කියැවුන කරුණය.රාජපක්ෂ පාලනය බලයට එන්නේම ර⁣ට අනාරක්ෂිත යැයි කියන ප්‍රධාන තේමා පාඨය මුල් කරගෙන වුවද අද මිගමුවේ කිතුණු ජනයා සිය දේවස්ථාන අබියස මෙන්ම නගරය පුරා බැනර් එල්ලමින් ලෝකයටම කියා සිටින්නේ රට අනාරක්ෂිතයැයි කියාය.ඊයේ පාර්ලිමේන්තුව තුල කොහෙද යන්නේ මල්ලේ ගනයේ කතාවක් පැවැත්වු රාජ්‍ය ඇමති නිමල් ලංසාට ද මිගමුවේ ජනතාව කියා ඇත්තේ ඔහුදැන් ආරක්ෂිතයැයි කියා බෙරිහන් දුන්නද රට සැබැවින්ම ආනාරක්ෂිත බවය.අනික් කරුණ වන්නේ පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය වසන්කර ඇතැයි යන කරුණ අද පැවැති විරෝධතාවයේ මෙන් මිගමුව පුරා ප්‍රදර්ශනය කර ඇති බැනර්වලින්ද කියා තිබිමයි.එය පැහැදිලිවම මේ රජයට එල්ලව ඇති බරපතලම චෝදනාවයි.