

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවෙිදිත් ඉන් පිටතත් කිඹුල් කඳුළු හෙළමින් හඬා වැටුන ලංසාලාගේ රඟපෑම් ගැන කදිමට හෙළිව තිබුනේ කතෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලද අගෝස්තු 21 කළු විරෝධතාවයත් සමඟින්ය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට මාස 28 ක් පිරුනදා සියලු නිවෙස්වල මෙන්ම නගරවලද කළු කොඩි ඔසවන්නට යැයි කතෝලික සභාව විසින් ඉල්ලා තිබුණි.
ලංසලා කලේ කළු කොඩි ඔසවනවා වෙනුවට ඔවුන් බලය දරන ප්‍රදේශ වලදි පවා ජනතාව විසින් එල්ලා තිබුණ කළු කොඩි ගලවා දැමිමය.මිගමුවේ විපක්ෂ මන්ත්‍රිවරයෙකු වන චාමර සිය ෆේස්බුක් පිටුවේ ඒ ගැන මෙසේ සටහන් කර තිබුණි.
ඒපමණක් නොව මිගමුවේ කිතුණු ජනයා කළු විරෝධයට එක්ව සිටියදි ලංසා පවුලේ අය ඉතා පැහැදිලි ලෙසින් මගහැර තිබුණි.
