පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවේ අවසන් වාර්තාව 23

0
69

parlimen-visheha

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ශණය කිරීම සදහා පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එළඹෙන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කරනු ලැබුවේ ඉකුත් මැයි 22වනදාය. ගතවු කාල සීමාව තුළ කාරක සභාව මගින්, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

එම වාර්ථාව  23 වදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 4 වනදා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමක්ද සිදුකිරීමට නියමිතය.