ජීවිත සටන ඉගෙන ගන්නා බාලදක්ෂ දරුවන්ට අපේ සහයෝගය ලබා දෙමු

0
350

IMG-20190914-WA0000අද මීගමුව , දළුපත ගමට පැමිණි කුඩා අමුත්තන් 4 දෙනෙක් උදළු, ඉදල් ආදිය අතැතිව ගෙවත්තක් පිරිසිදු කරන ආකාරය දැක ඔවුන් සමඟ කතාබහක යෙදීමට සියුම් ආශාවක් ඇතිවිය . ඔවුන්ද ඊට කැමැත්ත පළකල හෙයින් විනාඩි දහයක පමණ කාලයක් තුළ මේ දරුවන් සමඟ ගතකළේ මගේ පාසැල් කාලයද සිහිපත් කරමිනි.

මේ ශාන්ත පීතර මහ විද්‍යාලයේ 7, 8, 10, 12 යන පංතිවල දරුවන්ය. නායකයා නිරෝෂ් නම් දරුවාය. ඔහු 12 වසරේ ඉගෙනුම ලබයි. යහළුවන් ද සමඟ ඔවුන්ට නිසි නායකත්වය දෙමින් , නිරෝෂ් තම වගකීම ඉටුකරන දරුවකු බව පෙනින.

මලිත් කියන දරුවගෙ අදහස ප්‍රකාශකළේ මෙහෙමයි.

අපි මේකෙන් බලාපොරොත්තු වන්නේ අපේ බාලදක්ෂ ගෘෘප් එක දියුණු කරගෙන යන්නයි .අපිට දවස් දහයක් තියෙනවා. සමාජයේ අනිත් අයටත් උදව් කරමින් ජීවත් වෙනහැටි අපි ඉගෙනගත්තෙ ,අත්දැකීම් ලැබුවෙ මේ බාලදක්ෂ සංගමයෙන් . ඒනිසා ඒවෙනුවෙන් අපේ ස්තුතිය පිරි නැමිය යුතුයි.

සමහරු අපිව පිළිගන්නව, සමහරු බැනල පන්නන වෙලාවල් තියෙනවා. අපි කියන්නෙ ළමයි විදිහට හිතල එහෙම බනින්නෙ නැතිව අපටත් වැඩක් දීල, කීයක් හරි දීල උදව් කරනවනම් හොඳයි කි⁣යලයි.

ඒ කණ්ඩායම් නායක නිරෝෂ්ගෙ අදහසයි.

මෙම දරුවන්ගේ වැඩ සතිය වෙනුවෙන් ඔවුන්ගේ මනස පීඩාවට ලක්, නොකර සහයෝගය දක්වන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිමු.