පා.මන්ත්‍රි කෙනෙක්ගෙන් ගෝමස් මන්ත්‍රිට දුරකථන ඇමතුමක්!

0
77

beach-prk-1බිච් පාක් ටෙන්ඩරය පිලිබද ඡන්ද විමසිම⁣ට අදාලව අප විසින් කරන්නට යෙදුන හෙළිදරව්ව පිලිබදව පුලුල් කතා බහක් මේ වන විටත් මිගමුව දේශපාලන කවයන් හි මතුව තිබේ.මෙදින ඡන්දය විමසන අවස්තාවේදි එජාප මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සභාවේ සිටියේ නැත.ඒ පියුමි විරසිංහ සහ ගෝමස් යන මන්ත්‍රිවරුන්ය.මේ දෙදෙනාද ඇතුලුව  තවත් මන්ත්‍රිවරුන් 5දෙනෙකු ⁣5වෙනිදා සවස ජාඅැල ප්‍රදේශයේ එක්තරා මන්ත්‍රිවරයෙකුව හමුවිමට ගොස් තිබේ.ආසනයකට හිමිකම් නොකියන මේ මන්ත්‍රිවරයා දැන් මිගමුවට බැල්ම ලා සිටින අතර අදාල නාගරික මන්ත්‍රින් 7දෙනා හා සමිප ඇසුරක් පැවැත්විමද අද මිගමුවේ ප්‍රකට කරුණකි.පවුලක් ලෙසින් දේශපාලන වශයෙන් අන්ත පරාජයකට පත්ව සිටින ලංසා දේශපාලන කුටුම්භය මිගමුවේ එජාප ආසන බල ශක්තිය කුමන්ත්‍රණකාරි ලෙසින් භේද බින්න කිරිමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.ඒ සදහා අදාල මන්ත්‍රිවරුන් කිපදොනෙකු මේ වන විටත් යොදාගැනිමට ක⁣ටයුතු කරමින් තිබිමද දැන් දේශපාලන කවයන් අතර ප්‍රකට වෙමින් පවති.ලංසා රාජපක්ෂ පවුල් හවුල රටේ බලය අල්ලා ගැනිමට යැයි කියා දියත් කළ සැප් 05 අසාර්ථක උද්ඝෝෂණයත් සමගින් ලංසා මහින්ද හවුල් පවුල් පාලනය දැන් පච වි හමාරය.මේ පසුබිම තුල මිගමුවේ එජාප බලය බිදින්නට අරඅදින ජුදාස්ලා පරාජය කිරිම මිගමුවට ආදරය කරන සැමගේ වගකිමක් වි තිබේ.අප විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම නිසා කලබලයට පත්වු පා.මන්ත්‍රිවරයා හදිස්සියේම මේ එක්තරා නාගරික මන්ත්‍රිවරයෙකුට දුරකතන ඇමතුමක් ලබා දි මිපුර විසින් සිදුකරන ලද හෙළදරව්ව ගැන කියා ඇත.ඉන් කලබලයට පත්ව සිටින ඇතැම් මන්ත්‍රිලා දැන් ගල උඩ කැත කළ බළලන්ගේ තත්වයට පත්ව සිටි.මිගමුවේ බදු ගෙවන ජනයාගේ ජයග්‍රහණය පාවාදිමට කටයුතු කරන කවරෙකු හෝ කොන්දේසි විරහිතව හෙළි දරව් කිරිමට අප පැකිලෙන්නෙ නැත.මේ සියළු ඩීල් හෙළිවෙන දවස වැඩි ඈතක නැත.