පා. මන්ත්‍රී රංජන් රාමනායක මැතිවරණය තුළ රටේ සාමය ගැන කියන කථාව

0
139

IMG-20191116-WA0030මෙවර ජනාධිපති තෝරා පත්කෙරෙන මැතිවරණය සඳහා තම ඡන්දය භාවිතා කිරීමට දළුවකොටුව ශාන්ත ආනා ප්‍රාථමික විද්‍යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් කරුණු කිහිපයක් මත අදහස් පළ කරන ලදී .

මැතිවරණය ගැන ඔහුගේ අදහස වූයේ සුළු ප්‍රශ්ණ කිහිපයක් හැරෙන්නට සාපේක්ෂව සාමකාමී මැතිවරණයක් වූ බවයි.

මේ අතර අපේක්ෂකයා පිළිබඳව මතුකළ ප්‍රශ්ණයේදී එ.ජා.ප. අපේක්ෂකයා ශ්‍රීලාංකිකයකු ලෙස නොබියව පැහැදිළි කළ හැකි නමුත් පොදු පෙරමුණේ අපේක්ෂකයා තම විදෙස් ගත කකුලත් , මෙරට අනෙත් කකුලත් තබාගනිමින් චරිත දෙකක් රඟපාන බවයි.

රටෙහි පවතින මැතිවරණ තත්වය අනුව ජනතාවට දෙන පනිවිඩය කුමක්දැයි ඇසූවිට ඔහු ප්‍රකාශකළේ සාමය අවශ්‍ය වන්නේ සාමාන්‍ය අහිංසක ජනජනතාවට බවය. මොකද , පාර්ලිමේන්තුවේ සිටින අය යහළුවන් බවත් , ඒනිසා ඒ අය අතර රණ්ඩුවක් නැති බවත්ය.

නිතරම ඔළු පලාගන්නේ අහිංසක දුප්පත් මිනිස්සු බවය. එබැවින් අහිංසක මිනිස්සු අතර සාමයෙන් කටයුතු කිරීම වැදගත් වන බව රාමනායක මහතා පැවසීය.