පා.මන්ත්‍රී ශාන්ත අඛේසේකර වැලි සමග හෙළුවෙන් ?

0
151

22730415_542355489441386_5825214744616488378_nපසුගිය 25 වනදා හලාවත –  අඹකදවිල ප්‍රදේශයේ සිදුවන වැලි හෑරීමකට විරුද්ධව දියත් කරන ලද පෝස්ටර් ව්‍යාපාරයක්  යම් කණ්ඩායමක් විසින් කඩාකප්පල්   කිරීමට උත්සාහ කර ඇති අතර මේ සිදුවීමට  පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික  මන්ත්‍රී  ශාන්ත කුමාර අඛේසේකර මන්ත්‍රීවරයාගේ පුත්‍රයාද සම්බන්ධව සිටියදී මීසම්පාලක පියතුමා ඇතුළ ගම්වාසී ජනතාවට හසුවී තිඛේ. පසුව ඒ සම්බන්ධයෙන් ඇතිවු දෙබස් හුවමාරුවේදී  ශාන්ත අඛේසේකර මන්ත්‍රීවරයා මීසම්පාලක පියතුමාට හා ගම්වාසින්ටද දෝශාරෝපනය කර ඇති අතර මේ වනවිට මේ සම්බන්ධයෙන් හලාවත පොලීසියේ පැමිණිල්ලක් දෙපාර්ශවය විසින්ම සටහන් කොට තිඛේ.
https://www.facebook.com/augustine.fernando.12/videos/542745579402377
https://www.facebook.com/augustine.fernando.12/videos/542741269402808/

සිදුවීමට පසුබිම
2014 වසරේදී මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී ආරම්භ කළ ව්‍යාපෘතියක් වන සෙනුර ඇක්වා  කල්චර් නම්  ව්‍යාපෘතියක් අඹකදවිල -සමිදුගම බහුමාන් වත්ත නම් අක්කර පනහක ඉඩමක් තුළ ක්‍රියාත්මකව වෙමින් තිඛේ. මෙම වත්ත ප්‍රසිද්ධ ළමා අපචාර සිද්ධියට සම්බන්ධ බහුමාන් නමැත්තාට අයිතිව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු මීලදී ගත් ඉඩමකි.  මෙ ඉඩම විශාල වැලි නිධියක් වන අතර මේ වනවිට එය වැලි ඡාවාරම්කරුවන්ගේ ඉල්ලමක් බවට පත්වී ඇත.  මේ වැලි ඡාවාරම පුත්තලම් දිස්ත්‍රික්කයේ  යහපාලන ආණ්ඩුවේද සමහර මන්ත්‍රීවරුන්ගේ  මැදිහත්වීමෙන් ජයටම සිදුකෙරෙන බවත් ඒ ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම චෝදනා කරති.
ජනතාව හා මාධ්‍යවේදීන් මෙම වැලිඡාවාරම නිසා මතුවී ඇති පරිසර ප්‍රශ්නය ගැන දිගින් දිගටම හඩ නගද්දී  ඉහළ කිසිදු නායකයෙක්ගේ ඇස් මේ වනතෙක් මේ විනාශය වෙත  ඇරී නොමැත. එවැනි පසුබිමක පසුගියදා අඹකදවිල අයත් මීසම් පහක ජනතාව සහ කතෝලික පියවරුන් එක්ව  මෙම  මහා පරිමාණයෙන් සිදුවන මෙම පරිසර විනාශයට විරෝධය පෑම සදහා සාමකාමී මගක් පිළිබදව සාකච්ඡාවක් පවත්වා තිඛේ. මෙම සාකච්ඡාවේ අවසානයේදී ජනතාව විසින් තීරණය කර ඇත්තේ ප්‍රදේශ කීපයක මෙම වැලි හෑරීමට විරුද්ධව පෝස්ටරයක් ඇලවීමටයි. ඒ අනුව ඔක්තෝම්බර් 25 වනදා සවස මෙම පෝස්ටරය අඹකදවිල සහ හලාවත ඇතුළ ප්‍රදේශ කීපයක අලවා තිඛේ. පෝස්ටරය ඇලවූ  පසු නැවතත්  එම පෝස්ටර් බැලිම සදහා  අඹකදවිල ශාන්ත රෝගුස් මුනිතුමා වෙනුවෙන් කැපකළ දේවස්ථානයේ මීසම්පාලක පියනම වන ගරු පීටර් බොතේජු  පියතුමා සහ පිරිසක් නැවතත් එම ප්‍රදේශයට ගොස් තිඛේ. ඔවුන් මෙම පෝස්ටර් නරඹමින් යන අතර තුර යතුරු පැදි 3ක්  පියතුමා ගමන්කළ වාහනයේ පසුපසින්  නිරීක්ෂණය ගමන්කරමින් පැමිණ ඇත.
සමහර තැන්වල පෝස්ටර් ගලවා ඇති බව දැක ඇති පියතුමා සහ පිරිස යතුරු පැදි වලින් පැමිනි තරුණයින්ගෙන් මේ ගැන විමසා ඇත්තේ කවුද මේ පෝස්ටර් ගැලවූවේ යන්නයි විමිසමිනි. කෙසේ හෝ මෙම පොස්ටර් ගැලවීමට මෙම තරුණයින් තුන්දෙනා සම්බන්ධ බව හැගී ගිය පසු පියතුමා ඔවුන්ට දේවස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී නැවත දේවස්ථානයට ගොස් මේ පිළිබදව සාකච්ඡා කර තිඛේ. එහිදී එතන සිටි එක් තරුණයෙකු කියා ඇත්තේ මම ශාන්ත අඛේසේකර මන්ත්‍රීවරයාගේ පුතා බවයි. එම ස්ථානයේදීම  එම තරුණයා විසින් ශාන්ත අඛේසේකර මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් දී ඇති අතර විනාඩි   කීපයකින් මන්ත්‍රීවරයා එම  ස්ථානයට පැමිණ ඇත.එහිදී ශාන්ත කුමාර අඛේසේකර මන්ත්‍රීවරයා සහ මීසම්පාලක පියතුමාත්,ගම්වාසිනුත් අතර දෙබස් හුවමාරුවක් ඇතිවී ඇති අතර  ශාන්ත කුමාර මන්ත්‍රීවරයා විසින්  පියතුමා ඇතුළ ගම්වාසීන්ට ද දෝශාරෝපනය කරන අයුරු විඩියෝවක සටහන් වී ඇත. පසුව ශාන්ත කුමාර අඛේසේකර මන්ත්‍රීවරයා  තමන්ට තර්ජනය කළ බවට  ගරු පීටර් බොතේජු  පියතුමා විසින් හලාවත පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිඛේ. 22405876_1112815568851402_6091603802001453111_n


ඡායාරූප සහ වීඩියෝ උපුටාගැනීම – මාධ්‍යවේදී ඔගස්ටින් ප්‍රනාන්දු මහතාගේ ෆේස් බුක් අඩවියෙන් අඩවියෙන්
    https://www.facebook.com/augustine.fernando.12?fref=ufi

Save