පැය 24 ම මගේ කාර්යාලය විවෘතයි !ටවුමට ආවොත් එන්න !මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා කියයි!

0
344

DSCF7224මීගමුව පොලිසියට අලුතින් පැමිණි මූලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා මේ දිනවල ගමින් ගම යමින් පොලිසිය හා ජනතාව සමිපකරවිමට සහ ගම්වල ඇති මත්ද්‍රව්‍ය,ළමා අපචාර සිදුවිම් ගැන ජනයා දැනුවත් කිරිමට පටන් ගෙන තිබේ.
මේ දැනුවත් කිරිමේ චාරිකාවට පාසැල්ද අයත්ව තිබේ.15
මගේ කාර්යාලය පැය 24ම  විවෘතයි !එන්න ඔයාලගේ ප්‍රශ්ණ මට ඇවිත් කියන්න.ටවුමට ආවොත් එන්න ඇවිල්ල ගමේ තියෙන ප්‍රශ්ණ ගැන කියල යන්න.2
පොලිසිය දැන් වෙනස් ඉස්සර තිබුනේ සාම්ප්‍රදායික පොලිස් කියන සංකල්පය .දැන් ඒක වෙනස් වෙලා ප්‍රජා පොලිස් කියන සංකල්පයට
මෙම අදහස් මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර වුඩ්ලර් මහතා කියා සිටියේ පසුගිය ඉරිදා සවස් වරුෙව් පිටිපන නැලැල්ලවත්තේ පැවත්තේ ප්‍රජා හමුවකදිය.794
මෙම හමුව සදහා පාසැලේ විදුහල්පති කන්‍යා මව්තුමිය පිටිපන දේවස්ථානයේ පියතුමෙකුද එක්ව සිටියහ.ලංකා මාතා සුභසාධක සමිතිය විසින් මෙම ප්‍රජා හමුව සංවිධානය කර තිබුණි.