පැය 24 ම වැඩකරන නිසා රොස්ගේ තේරීම සජිත්ලු ?

0
44

rose 2දේශපාලනය උණුසුම්ය.
පක්ෂ අතරේ පවා පිල් බෙදිම් දැන් එමටය.
ඒවා දැන් බුකියේ පිටු අතර සැරිසරන සටහන් තරමට ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.
කටාන ආසනයේ එජාප සංවිධායිකා රොස් ප්‍රනාන්දු ඇගේ මුහුණු පොතේ සටහනක් තබමින් කියන්නේ ඇය සජිත්ට කැමැති බවය.
ඒ ඔහු පැය 24 ම වැඩකරන අයෙකු බැවින්ය.
මේ අනුව රොස් ප්‍රනාන්දු දැන් දේශපාලන තීන්දුවක් ගෙන තිබේ. එනම් එළඹෙන ජනපතිවරණයේදි සජිත්ට පමණක් වැඩකිරිමටය.
පක්ෂයට ඒහා ගිය පුද්ගල සාධක හා ඒ හා බැදුන තවත් කාරණා වඩාත් ඉස්මත්තට ගෙන එමින් දේශපාලන තීන්දු ගන්නා තරමට පක්ෂය තුනි වි පුද්ගල සාධක පෙරට එමින් තිබෙන බව පෙනේ.
එය කොයිතරම් නම් දේශපාලනිකද යන්න සැබැවින්ම  ගැටළු සහගතය.