පැය 48 ක් ඇතුලත ඉතාලියේ ගංගාවක් දෙවන ලාංකික තරුණයාත් බිලිගනී.

0
145

servio riverඉතාලියේ ගංගාවක ගිලී මියගිය ලංකික තරුණයෙකු පිලිබඳ කනගාටුදාටක පුවත අසා පැය 48 ක් යාමට මත්තෙන් තවත් තරුණයෙකු ඉතාලි ගංගාවකට බිලිවීමේ පුවතක් වාර්තා කිරීමට අපට සිදු වී ඇත .ග්‍රීෂ්ම ඍතුවේ දරුණුම උණුසුම වාර්තා වූ ඊයේ දිනයේ බොහෝ දෙනෙකු ගංගා ඇල දොළ ආදියෙහි පිහිනමින් සිටිනු දැකිය හැකි විය ලුක්කා නගරය ආසන්නයේ සර්චියෝ ගංගාවේ සැඩ පහර වේගවත් වූවද ලාංකික තරුණයින් රැසක් පිහිනමින් සිටිනු දැකිය හැකි විය .
පිහිණීමට නොදත් සඳුන් හසළ ද ගඟට බැස ඉවුරට නුදුරින් රැඳී සිටින අතර හදිසියේම ගසාගෙන යන අයුරු මිතුරන්ට දැක  ගත හැකි විය.
එක් මිතුරෙකු පැන වහා ඔහුගේ අතින් අල්ලා ගෙන තමන් වෙතට ඇද ගැනීමට වෙර දැරුවද සඳුන් ඒ වන විට හසු වී සිටි දිය වැළ හිත් පිත් නැති ලෙස ඔහුව දිය යටට ඇද ගන්නට සමත් විය

තත්පර කිහිපයක් මිතුරාගේ අතේ එල්ලෙන්නට සටන් කළ ඔහු පැරදිණි

අවට සිටි අයට සිදු වුයේ කුමක්දැයි අදහා ගත නොහැකි විය.කිමිදුම් කරුවන් , සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් වහා කැඳවිණි.පැයක පමණ කාලයක් සෙවීමෙන් අනතුරුව සෙන්ට් ඇලෙක්සීස් ආසන්නයේ මඩ සහිත  ගං පතුලේ සිරවී තිබු නව යොවුන් තරුණයාගේ නිසල සිරුර සොයාගත හැකිවිය.ඉවුරට ආසන්නව සිටි ඔහු ඇතැම්විට මස් පිඩු පෙරළීමකට ලක්වන්නට ඇතැයි වෛද්‍ය වරු පැවසුහ.

මිතුරන්ගේ විලාප හඬ ගන ඉවුරේ දෝංකාර දෙද්දී 20 හැවිරිදි සඳුන් හසළ පෙරේරා කුරණගේ නිහඬව වැතිර සිටියේය

පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන යාන්තම් වසරක් ගෙවුන තැන ; ජීවිතයේ මහ මෙරක් ප්‍රාර්ථනා හැර දමා යන්නට සිදුවීම කෙතරම් ඛේද ජනකද????

http://sithtv.com