පැය 48 ක් තුල ආසාදිතයන් 2982 ක් ! අද දිනට 1531 ක් !

0
105

පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙන බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කරයි
එයට අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531කි.
මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වි තිබේ.

ඒ අනුව ගෙවුන පැය 48 ක කාලය තුල වාර්තා වි ඇති මුළු ආසාදිතයන් ගණන මේ වන විට 2982 ක් වේ .
ඒ ඊයේ දිනයේ වාර්තා වි තිබුණ 1451 ට අමතරව අද දිනට වාර්තා වු ආසාදිතයන් ගණන 1,531ද සමඟිනි.මේ අනුව මෙරටින් වාර්ථා වු වැඩිම අසාදිතයන් ගණන අද වාර්තා වි තිබේ

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378කි.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක් ලෙස වාර්තා වේ

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතුරින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වන බවද සඳහන්ය