පැරිෂුට් කාවින්දට එරෙහිව මිගමු සටන ඇරඹේ!

0
90

FB_IMG_1549559309935මිගමුව එජාපේ ශක්තිය දුර්වල කොට කණ්ඩායම් බෙදා වෙන්කර ඒ සියල්ලේ හයිය අවසාන වශයෙන් ලංසා පවුලට ලබාදිම සදහා වු සැලසුම් සහගත කුමන්ත්‍රණයක් විය.
ඒ සදහා ඉත්තන් ලෙස කලක පටන් ක්‍රියාත්මක එජාප නාගරික මන්ත්‍රීන් දෙතුන් දෙනෙකු  සහ තවත් සුලු පිරිසක්ද විය.
මේ අය එදා පටන් ක්‍රියාත්මක වුයේ මිගමුව තුල එජාපේ දුර්වල කිරිමටය.
දැන් මේ සැලැස්ම එලියටම පැන ඇත්තේ කාවින්ද ජයවර්ධනට මිගමව ආසන සංවිධායක කම ඕනා යැයි කියමින් දේශපාලන කප්පමක් ගැනිමට ඇති සුදානමද සමගින්ය.
රාජපක්ෂලා දවසේ ගානේ බලා සිටින්නේ සිය පවුල් වාදය යළි රට තුල ස්ථාපිත කිරිම සදහා මේ රජය පෙරළා දැමිමටය.
ඒ අනුව අද කාගේත් පොදු සතුරා වන්නේ රාජපක්ෂලාය.
අයවැය පරාජය කරමින් හෝ රාජපක්ෂලා මේ වලිකන්නේ සිය පවුල් හවුල් දේශපාලනය යළිත් කෙසේ හෝ ගෙන ඒමටය.
රාජපක්ෂලාගේ මේ න්‍යාය පත්‍රය සුළු පමණකින් හෝ ශක්තිමත් කරන්නෙකු යනු ඔහු හෝ ඇය සැබැවින්ම ජනතා ද්‍රෝහියෙකි.
අයවැයට ඡන්දය දෙන්නේ මටත් ආසන සංවිධායක කමක් දෙන්නේ නම් පමණක් යැයි කිව හැක්කේ එවන් ජනතා ද්‍රෝහින්ට මිස අන්කිසිවෙකුටවත් නම් නොවේ.
මේ අනුව රාජපක්ෂලාට ආවඩන එජාප පාලනය දුර්වල කරන කප්පම් මේ මොහෝතේ ඉල්ලා සිටිය හැක්කේ ද්‍රෝහින්ටම පමණි.
මේ අනුව ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන දැන් මේ කප්පම් දේශපාලනය පෙරට දමා ඇත්තේ කළු දුටු කල වලඉහගෙන ගොඩයන්නටය.
ඔහු මිගමුවේ ආසන සංවිධායකධුරය ඉල්ලා සිටිනවා යන්න අද ප්‍රසිද්ධ රහසකි.
එහෙත් කාවින්දගේ පියුරු බබ්බු දේශපාලනයට එරෙහිව පලමු වෙඩිමුරය මිගමුව තුල පත්තු කර ඇත්තෙ මිගමුව නාගරික මන්ත්‍රී මණ්ඩ⁣ලයේ සිටින සටන්කාමි ප්‍රතිපත්ති ගරුක මන්ත්‍රීවරයෙකු විසින් විමද තවත් විශේෂත්වයකි.දුවලා කාසාද බන්දා දිමට මෙන්ම දුවලාට ගෙවල් හදා දිමටද ලංසා පවුලෙන් වරදාන ගත් නාගරික මන්ත්‍රි දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති ගරුක දේශපාලනය නියැලෙන තරුණ නාගරික මන්ත්‍රිවරයෙකු වන සංගීත් පෙරේරා සිය මුහුණුපොතේ සටහන් තබමින් මිගමුවේන් පිට කිසිවෙකුටවත් ආසන සංවිධායකධුර ලබාදිමට ඉඩනොදෙන බවත් එයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණික ක්‍රියාමාර්ගවලට යන බවත් ප්‍රකාශයට පත් කර ඇත.
සංගිත් යනු ජනබලයක් සහිත් දේශපාලන අනාගතයක් ඇති අයෙකි.
කිසිවෙකුගෙන් වරදාන ගන්නට ගොස් කිච වු නාගරික මන්ත්‍රිවරයෙකුද  නොවේ.ඒ නිසාම ඔහු සැබැවින්ම සටන්කාමියෙකි.
මේ නිසාම මේ පළමු වෙඩිමුරය සැබැවින්ම දුර යන එකක්ම වේ.
කාවින්දල දේශපාලන කප්පම් ඉල්ලා සිටිද්දි සංගිත්ත්ලා මේ මහන්සි ගන්නේ තමන්ගේ ආසනය තුල එජාපය දුර්වල කිරිමට අද අදින සකාලාකාර බලවේග එකමිටට තබා පරාජය කිරිමටය.