චෙන්නායි නුවර මුඩුක්කු හා පැල්පත් ජීවිතය පසුබිම් කරගෙන නිපද වි ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම පැල්පත් දරුවන් දෙදෙනෙක් වන විග්නේෂ් හා රමේෂ් යන දෙදෙනායි.
ආච්චි හා මව සමග අඩි හතරේ අටේ එකම කාමරයේ ජිවත් වන ඔවුන්ගේ පියා සිරගත ව සිටින අයෙක්…ඔහු බේරා ගැනිමට රුපියල් 30000ක් අවශ්‍ය වන අතර එවන් මුදලක් ඔවුන්ට සිහිනයකි.
ආච්චිගේ උපදෙස් මත කාක්ක බිත්තර අනුබවයට පුරුදු වි සිටින මෙම දරුවන් දෙෙනාගේ එකම අරමුණ එයින් වීරයන් විමයි.එහෙත් ඔවුන් එයින් අවමානයට පත් වෙනවා. බෝ ගසක තිබෙන කාක්ක බිත්තර අමුවෙන්ම බොන අතර පසු කලෙක එම නුගය කපා දමා එතන පීට්සා අවන්හලක් ඉදිවෙයි..
එහි ඇති සරුව පිත්තල පෙනුමට රැවටෙන ඔවුන් දෙදෙනා මහන්සි වි පිට්සා සිහිනය ජය ගැනිමට කටයුතු කරයි.ඒ සදහා ගල් අගුරු එකතු කිරිම ,පොස්ටර් ගැලවීම,හැන්ඩ් බිල් බෙදිම ආදි නොයෙක් දේ කරයි…එවුන්ගේ මෙම අරමුණටද නොයෙක් පරිභව කිරිම් ආවද ඒවා වගකටවත් මායිම් ඉනොකරති…එපමණක්ද මුදල් අඩුවකට නිවසේ සුරතල් බල්ලාවද විකිණිමට උත්සහ දරයි…ඒ රුපියල් 25000කටය.පුදුමයි නේද…තැලිච්ච මුණක් සහිත බල්ලෙක්ට රුපියල් 25000ක් ගෙවන බව ඔවුන් දැන ගනියි….ඉතින් සර්ව සම්පුර්ණ බල්ලෙක්ට 25000ක් නොගැලපේද?….
රුපියල් 299ක් සොයාගෙන පිට්සා ගැනිමට ගියත් පැල්පත් එවුන් කියා පරිභව කරන ආරක්ෂක නිලධාරියා ඔවුන්ව එලවා දමයි….
එසේ අදුනා ගැනිම ඔවුන්ට තේරෙන්නේ නැත.පසුව එය වැඩිහිටියකු ලවා පහදාගෙන අලුත් ඇදුම් තැනිමට සැරසෙයි…ඒ සදහා උසස් පවුලක ළමයෙක් ඇද සිටින ඇදුම් මිලට ගත්තේ කොහෙන්දැයි අසයි..මුදල්ද රැගෙන එම නගරයට බසයෙන් යන ඔවුන් දෙදෙනා අලුත් ඇදුම් කිසියම් තැරැව්ක්‍රමයකින් ලබා ගනියි.එයම මනරම්ය.
එහෙත් එම වර ඔවුන්ට පහර දි එලවා ගනියි….එය දකින මිතුරන් ඔච්චම් කරන අතර එක් අයෙක් එය තම ස්මාට් පෝනයෙන් වීඩියෝ ගත කරයි.පැල්පත් දරැවන්ට කොයින්ද ස්මාට් පෝන්?……ඔබට ප්‍රශ්නයක් මතු වන්නට ඇත.පිට්සා ගන්නට මුදල් නැති ඔවුන්ට ස්මාට් පොන් ලබා දෙන්නේ දුම්රියවල පාපුවරුවේ යන තරුණයින්….
ඉහත කි විඩියෝව පුවත් මවයි…..අන්තිමේ එහි ආනුබාවයෙන් නොමිලේම පිට්සා කෑමට වරම් ලැබේ…එහෙත් එවා ආච්චිගේ තෝස තරම්වත් නොවටින බව ඔවුන්ට අවසානයේදි වැටහේ…
මෙම චිත්‍රපටය ජපානය දකුනු කොරියාව,මලයාසියාව,සිංගප්පූරුව යනාදි රටවලද ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනියි…
ඉන්දිය ජාතික සම්මාන උළෙහිදි හොදම චිත්‍රපටයට හා හොදම නලුවන් ලෙස විග්නේෂ් හා රමේෂ් සම්මානයටද පාත්‍ර වෙනවා…
ඒ සම්මානය ගැන අවබෝධ කරවිමට අධක්ෂක මානික්කනන්දන් කොතෙක් උත්සහ කළත් අසාර්ථක වෙනවා.ඔවුන්ට තෙරනේනේ ගුවන් යානයකින් යා යුතුයි කියන දේ පමනයි..එයින් ඔවුන් අතිශය ප්‍රමෝදයට පත් වෙනවා……
සටහන -පුෂ්පා වීරසේකර