අවට බව සිටි පුද්ගලයන් පවසා සිටියේ තරුණයන් 4 දෙනෙකු පැෂන් ගේට් ආයතනයට ඇතුළුවිමෙන් පසු ඔවුන් ලුහුබැද පැමිණ ඇති විශේෂ කාර්යබලකායේ පොලිස් නිළධාරින් පිරිසක් පැෂන් ගේට් ආයතනයට ඇතුළුව තිබුනේම සිය ගිණිඅවි පණගැන්විමට සුදානමින් බවය.
ක්ෂණයකින් එහි ගේට්ටුද වසා දැමුණ අතර පසුව මේ තරුණයන් අත්අඩංගුවට ගැණුනි.
එහෙත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පොලිස් නිළධාරින්ගෙන් විමසා සිටියද පැහැදිලි පිළිතුරුක් දි තිබුනේ නැති අතර මෝටර් රථයේ ගංජා තිබිම නිසා අත්අඩංගුවට ගත්තේ යැයි වැනි අදහසක් පවසා තිබුණි.
මේ තරුණයන් පැමිණ ඇතැයි කි සුපිරි මෝටර් රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර එය සබරගමු පළාතේ අංක දරන රථයකි.