ශ්‍රී ලාංකික ධජය සහිත නෞකාවක් පැහැරගැනීම සම්බන්දයෙන් වන සිදුවීම සම්බන්දයෙන් තමන් දැනුවත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම නෞකාව ශ්‍රීලංකාවේ ලියාපදිංචි නෞකාවක් නොවන නමුත් එහි කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු සිටින බව වාර්ථා වනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් නිරතුරු අවධානයෙන් පසුවන බව පවසන අමාත්‍යංශය පවසන්නේ ශ්‍රීලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වන සියළුම කටයුතු සිදු කරන බවයි.