පැහැරගැනීමකින් කෙළවරවීමට ගිය සිසු ගැටුම

0
69
ඡායාරෑපය ප්‍රවෘත්තියට අදාළ නොවේ

ඊයේ (ඔක් 19) වනදා මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය ආසන්නයේදී  උසස්පෙළ සිසුවෙකුව පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් වාහනයක නංවාගෙන පැහැරගෙන යාමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. මෙම සිසුවාට පහරදිමක් ඒ අවස්ථාවේදී සිදුකර ඇති අතර සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් කියා සිටියේ වැඩිදුර යන්නට පෙරම වෑන් රථය හබාගොස් නවතාගැනීමට හැකිවූ බවයි.
පසුව මෙම සිසුවා රෝහල්ගත කර ඇති අතර මෙම පැහැරගැනීමට සම්බන්ධ හේතුව උසස් පෙළ පන්තියේ සිසුන් දෙදෙනක් අතර ඇතිවූ ගැටුමකි. මේ දබරවීම දුරදිග ගොස් එක්පාර්ශවයක පියෙකු විසින් තමන්ගේ පුත්‍රයා සමඟ ගැටුණ අනෙක් සිසුවාට පහරදී පැහැරගෙන  යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වේ