( 4.00 pm ) මේ දිනවල පිටපළාත් වල ඇතැම් දිනවලදි මසුන් විශාල තොග වශයෙන් අසුව තිබුන වාර්ථා විය. විශේෂයෙන්ම නැගෙනහිර ප්රදේශයේ පියාමැස්සන් බහුල ලෙස ධිවරයන්ගේ දැල්වලට අසුවිය.
එදා එසේ අසුවන මසුන් කෙලින්ම ගෙන ආවේ මිගමුවේ වෙළද පලටය. එහෙත් අද පවතින තත්වය හමුවේ ගැණුම්කරුවන් නොමැති විමෙන් එය දැන් ගැටළු සහගත වි තිබේ.
මේ නිසා මිගමුව වැල්ලට අද ගිය අවස්ථාවේදි නිරික්ෂණය වුයේ කුඩා මසුන් බහුල වශයෙන් කරවල නිෂ්පාදනය සදහා සකස් කරමින් තිබෙන අයුරුය.
මෙහිදි පිසාමැස්සන් බහුල ලෙස දකින්නට ලැබුණි.