පිටරට නැව් නිසා ලොකු කෙලවල්ලන් මිළ පහතට ? බහුදින යාත්‍රා හිමියෝ අද හවසට නයිනමඩමට !

0
106

කෙලවල්ලාපිට රටින් එන නැවු වලින් මාලූ අරගෙන අපේ දේශීය ධීවරයින්ගේ මාළු අස්වැන්න මත්ස්‍ය වෙළෙඳ සැල තුල කුණුකොල්ලෙට විකිණෙයි .මෙම සිදුවීම නවත්වාලීමට පියවරක් නොගැනිම අප ධීවරයින් ලෙස හෙළා දකිමි.විසාල මුදල් ධනස්කන්ධයක් වියදම් කර ජීවිත අවදානමක් ගෙන දරු පවුල් සහ දෙමව්පියන් හැර ජීවිත පරදුවට තබා නෙළා ගන්නා අස්වැන්නට සාධාරන මිලක් නොමැති වීම ඉතා කනගාටුදායක කරුණකි ..අපට සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි ..
ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි අප අහිංසක ධීවරයින් හට සාධාරණයක් ඉටු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
යනුවෙන් සදහන් ව තිබුනේ ලංකික ධිවරයා නමින් වන FB පිටුවකය.
මේ අතර මේ ප්‍රශ්ණය පිළිබදව  සකාච්ජා කිරිම සදහ බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ විශේෂ රැස්විමක්ද අද සවස කැදවා ඇති අතර සියළුම බහුදින යාත්‍රා හිමියන් හට ඒ සදහා ඇරයුම් කොට තිබේ.