පිටරට නැව් ලංකාවට ? ලොකු කෙලවල්ලන් මිළ පහලට ? බහුදින යාත්‍රා හිමියෝ අනාථයි ?

0
322

Boats 1බහුදින යාත්‍රා හිමියන් මේ දිනවල බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති. ඒ අපනයනය සදහා විවිධ ගැනුම්කරුවන් වෙත ලබාදුන්  ලොකු කෙලවල්ලා මාළුන්ගේ මිළ සිඝ්‍ර ලෙසින් පහලට යාම නිසාය.
වෙනදා කිලොවක් රුපියල් 1800 ක මිළක් හිමිවෙමින් තිබුණද අද වන විට එය රු 450 දක්වා පහලට බැස තිබෙන බැව් ඔවුන් පවසති.
ඒ අදාල ගැනුම්කරුවන් දැන් බහුදින යාත්‍රා හිමියන් හට කියන්නේ තමන්ට දැන් ගෙවිය හැක්කේ එවන් මිළක් පමණක් බවය.
මෙයට හේතුව ලෙස අප කළ විමසුමකදි බහුදින යාත්‍රා හිමියන් පවසා සිටින්නේ විදේශිය නැව් 14 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මාළු ගොඩබෑම සිදුකර ඇති බවට රාවයක් පවතින බවත්  මේ හේතුවෙන් මිගමුවේ මෙන්ම වෙනත් පළාත්වලද ලොකු කෙලවල්ලා මිළ පහලට බැස ඇතැයි ඔවුන් විශ්වාස කරන බවය.
මෙසේ විදේශිය නැව් වලට මේ අවසර දිම සිදුවන්නේ නම් තමන්ගේ කර්මාන්තය බරපතල අර්බුදයකට යමින් සිටින බව ඔවුහු අවධාරණය කරති.
එක් බහුදින යාත්‍රා හිමියෙකු කියා සිටියේ තමන්ගේ බෝට්ටුව දින ගණනක් මුහුදේ සිට මිගමුවට පැමිණ තිබුණද ලොකු කෙලවල්ලන් මිළ මෙසේ පහල බැස ඇති හෙයින් මාළු බෑමට නොහැකිව සිටින බවය.