පිටරට සිට පැමිණි 72කට කොරෝනා ! ගෙන්වීම සීමා කිරිමට අවධානය ?

0
72
 airport-bandaranaike

ඉදිරියේදී විදේශ ගතව සිටින ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරිමට රජය විසින් පියවර ගනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටින බව newswire.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව කියා සිටියේ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 72 ක් ඉතා කෙටි කාලයක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පසුබිමක් මත යැයි වැඩිදුරටත් එහි සදහන්ය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඩුබායි, කුවේට්, ඉන්දුනීසියාව සහ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින්ට බව දැනට අනාවරණය වි තිබේ.

විදේශ ගතව සිට පැමිණි ඇතැම් පුද්ගලයින්ට ඔවුන් සේවය කළ රටේදී ක්‍රමවත් ලෙස හා මානුෂිය අයුරින් සෞඛ්‍ය පහසුකම් ලබා නොදීම ඛේදනීය තත්ත්වයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදි අවධාරණය කර තිබේ.

” පසුගිය කාලය තුලදී දිනයක් තුල ගුවන් යානයක් බැගින් විදේශ රටවල සිට පැමිණියා. එසේ පැමිණෙන පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමේදී එම මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අවම වීම ඉදිරියේදී එක් ගැටලුවක් වනවා.

මේ හේතුව මත ඉදිරියේදී විදේශ ගතව සිටින ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීමේදී යම් කාල පරතරයක් ඇතිව ගෙන්වීමට රජය විසින් පියවර ගනු ඇති බවට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටි.
මේ අතර අද වෙබ් අඩවිය වාර්ථා කර තිබුනේ විදෙස් රටවල සිටින අය ගෙන ඒම සදහා ජුනි මස 06 වෙනිදා දක්වා ගුවන් යානා යොදවා ඇති බවයි. ඒ අනුව අද දිනයේද කුවේට් සිට පිරිසක් ලංකාවට පැමිණිමට නියමිත බව එහි සදහන්ය.
කෙසේ වෙතත ඉදිරියේදි මැදපෙරදිග සහ මාල දිවයිනේ සිටින අය ගෙන්වා ගැනිමට වැඩි අවධානය යොමුකරන බව රජය විසින් ඊයේ පවසා සිටියද මේ වන විට මතුව ඇති තත්වය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කරන්නට යෙදුන පැහැදිලි කිරිම් මත තත්වය කෙබදු වේදැයි අවිනිශ්චිතය.