පිටිපනදි අදත් ගෝරියක් ? මන්ත්‍රිවරියකට විශේෂ සැලකිලි ?

0
86

මිගමුවේ එන්නත් ප්‍රශ්ණය අවුලෙන් අවුලට යමින් තිබේ. මේ වන විට එය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අතරම දැවැන්තම විරෝධයක් අවුලවමින් තිබේ.

ඒ අනුව අද(24) මිගමුව පිටිපන ලෙල්ලම් භුමියේදි පැවති එන්නතකරණ වැඩසටහන ධිවර සමුපාකාර සමිති සාමාජිකයන් හට පමණක් ක්‍රියාත්මක කරන බව අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර හට පවා දැනුම් දි තිබුණද පසුව දැනගන්නට ලැබුනේ එක්තරා නාගරික මන්ත්‍රිවරියකටද අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මැදිහත්ව එන්නත ලබා දි ඇති බවය.
මේ සම්බන්ධයෙන් මිපුරට අදහස් පළකර සිටි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර කියා සිටියේ දූව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මන්ත්‍රිවරියක් ඉදිරියේ නීති ලඟ නැමු ආකාරය ඉතාමත් පිළිකුල් සහගත බවය.

එමෙන්ම එහි පැමිණි තිබුන මුන්නකරය කොට්ටාශය නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රිවරයා පවා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සමගින් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුන බවද වාර්තා විය.
එයට හේතුව වි තිබුනේ ඒ අවට ධිවර ජනයා සදහා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මේ වන තුරුත් ලබා දි නැති පසුබිමක අද ලෙල්ලම් භුමියේදි ධිවර ජනයාට එන්නත ලබාදිය හැකිදැයි විමසා සිටිම හේතුවෙනි.

මේ අතර අද මිගමුව මහනගර සභාව තුල මිගමුව රෝහලේ වෛද්‍යවරුන්ගේ පවුල්වලට සම්බන්ධ අයට එන්නත ලබාදි තිබුන බවද වාර්තා වු අතර එහිදිද වෛද්‍යවරුන්ගේ පවුල්වලට අයත් නොවන ඇතැම් අය පවා දෙවන මාත්‍රාව විද ගැනිමට තරම් වරප්‍රසාදියන් වි ඇති බවය