පිටිපන ගද ගැස්සු දියර පොහොර ව්‍යාපෘතියට යළි ඉඩ නොලැබේ .

0
333

IMG 20220121 123307
සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා
පොලිස් අධිකාරි එරික් 1 1

ASP එරික් පෙරේරා යනු කලක් සමාජ මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක්වු අයෙකි.ඒකල ඔහු සමාජ මාධ්‍යයේ සිටි පොලිස් තරුව විය.
ඒ වෙන්නප්පුව ප්‍රදේශයේ ජවාරම් වලට එරෙහිව කටයුතු කලා යැයි කියන නිසා ඇමති අරුන්දික විසින් මාරුකර යැවිම නිසාය.

දැන් ඔහු මිගමුවේ වැඩිම ජාවාරම් සිදුවන මිගමුවේ පොලිසි භාරව නොව සීදුව කටුනායක පැත්තට දමා ඇත.

දුන්ගාල්පිටිය තමන් ට අයිති පොලිස් කලාපයේ නොවුනද ඊයේ පැවැති පිටිපන ජනතාව විරෝධය මැදට ඔහුවද කැදවා තිබුණි. ජනතාව නැගු ජනතා ප්‍රශ්න හමුවේ ඔහුද අසරණ වු අයුරු පැහැදිලිය.
එහෙත් ඒ් සියළු චෝදනා නියෝග වලට සාවධානව ඇහුම්කම් දෙමින් නියම නිලධාරියෙකු ලෙස හැසිරි තිබුණි.

රාජපක්ෂ පාලනයේ අම‌න තීන්දු නිසා අද වන විට පොලිසියට පච විමට සිදුව ඇති අයුරු ඊයේ පිටිපන පැවැති විරෝධතාවයේදි ඉතා පැහැදිලිව පෙනුනි.
රටට අවැසි මත්‍යස්‍ය පැටවුන් අභිජනනය කිරිම සදහා වු ප්‍රධානම අභිජනන මධ්‍යස්ථානයක් මේ වන විට අතහැර දමා එහි මත්‍යස්‍ය අපද්‍රව්‍ය යොදාගනිමින් දියර පොහොර නිෂ්පාදනයට බස්නාහිර පළාත් සභාව කටයුතු කර තිබේ.

විරෝධය
විරෝධය



රාජපක්ෂ පාලනය විසින් දියර පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් අධික ජනතාවක් වෙසෙන මිගමුව පිටිපන ප්‍රදේශය දුගද නිසා දැඩි පිඩාවකට පත්වන්නට ඒ් ගම්වැසියන්ට සිදුව තිබේ.

අපද්‍රව්‍ය 3 1
මත්‍යස්‍ය අපද්‍රව්‍ය
අපද්‍රව්‍ය 4
1



පොලිසියේ මෙන්ම තවත් නිලධාරින්ද දි තිබුනෙ සියලු පොරෝන්දු බොරු වු විට ජනයා ඊයේ දිනයේ පාරවල් වසා දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරමින් කියා සිටියේ මේ ව්‍යාපෘතියට විකල්ප ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න හිතන්නට එපා යැයි කියාය.
ඔවුන් එකම ඉල්ලිම වි තිබුනේ ගම ගද ගස්සන මේ දියර පොහොර වැඩේ නවතා දැමිය යුතු බවය.


ලබන බ්‍රහස්පතින්දා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පිටිපනට ගෙන්වා සාකච්ජාවක් දෙන බවට වු පොරොන්දුවත් සමගින් ගම් වැසියන් යළිත් සුපුරුදු පරිදි දියර පොහොර නිෂ්පාදනය කරන ස්ථානයට ගොස් සිය විරෝධතාවය දිගටම පවත්වාගෙන යෑමට තින්දු කළ අතර ලබන බ්‍රහස්පතින්දා වන තෙක් දියර පොහොර ව්‍යාපෘතියේ කටයුතු මුළුමනින්ම නවතා දැමිමට පොලිසියටද බලකර සිටි අතර එහි පැමිණ සිටි මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා නියෝග කර සිටියේ දියර පොහොර ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු ලබන බ්‍රහස්පතින්දා වන තුරු නවතා දමන ලෙස දැනුම් දෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here