පිටිපන නෙළුම් පොකුණ ගොඩකිරිමට යයි?

0
65

lotus3පිටිපන ප්‍රදේශයේ පිහිටා ඇති නෙළුම් පොකුණ කාගේත් මතකයේ පැලපදියම්ව ඇත්තේ ආරක්ෂා කර ගතයුතු ඉතිහාසමය වටිනාකමක් ඇති ස්ථානයක් ලෙසය.
කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් වඩාත් ප්‍රචලිත පුවත වන්නේ මීට වසර ගණනාවකට පෙර රෙදි සේදිමේ වෘත්තියේ නියැලුණ පිරිසක් විසින් සිය වෘත්තිය කරගෙන යාම සදහා හරා සකස්කරන ලද වලක් බවය.
එහෙත් ඇතැමුන් පවසා සිටින්නේ මේ නෙළුම් පොකුණට රජකාලය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති බවය.
මේ පොකුණේ අයිතිය වෙනුවෙන් කලක් තිස්සේ  ඉඩම් නඩුවක්ද පැවැති අතර දැන් නිමාවකට පත්ව හිමිකාරිත්වය තහවුරුව තිබේ.
එහෙත් මේ පොකුණ ගොඩකිරිම සදහා ඉඩක් පසුගිය කාලය තිබුනේ නැත.මීට ඉහතදි මේ පොකුණ ගොඩකිරිම සදහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලකයෙකු විසින් සෑහෙන උත්සයක් දැරු බව මේ පිළිබදව අප ප්‍රදේශවාසින්ගෙන් කළ විමසුමකදි දැනගන්නට ලැබුණි.
කෙසේ වෙතත් දැන් මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුව මහසභාව වෙත නිර්දේශයක් ගෙනඑමින් කියා සිටින්නේ ඩෙංගු ප්‍රශ්ණය නිසා මේ පොකුණ ගොඩකළ යුතු බවය.
සෞඛ්‍ය කමිටුවේ සභාපතිත්වය දරන්නේ ඇමති නිමල් ලංසාගේ මළණුවන් වන දායන් ලංසා විසිනි.
මේ අතර මේ සදහා තමන් විරුද්ධ බව මේ ඉඩමේ අයිතිකරුවන් වෙත දන්වන ලෙසත් ඒ ගැන කථා කර ගැනිමට ඔවුන් හමුවෙන ලෙසටත්  පිටිපන   ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙකු හරහා පණිවිඩියක් යවා ඇත්තේ ගතමනාවක් බලාපොරොත්තුවෙන් බවද සැලැය.