පිටිපන ප්‍රදේශයෙන් නගරයටම ආදර්ශයක්

0
104
11092661_888252074530718_467620941_n-1ඔබ මේ දකින්නේ මීගමුව – ජා ඇල 273 මාවතේ පිටිපන ප්‍රදේශයේ පිටිපන පළමුවන බෝක්කුවයි.මේ දින වල එම ප්‍රදේශයේ ඩෙංගු මර්දනය පිනිස මීගමුව නගර සභා  සෞඛ‍ය අංශව විසින් නිරීක්ෂන සිදු කරනු ලබයි.අද දිනද එහි නිරීක්ෂණ කටයුතු වලට බලධාරින් පැමිණ සිටියහ.
 එම ප්‍රදේශයේ අවට ජීවත්වන ජනයා පවසන්නේ ඔවුන් නිවෙස් පරික්ෂා කර දඩ ගසනවා පමණයි මහා මාර්ගයේ ඇති කාණු පද්ධතිය ගැන නගර සභාවට හෝ වගකිවයුතු අයට දැනුම් දීම හෝ ඒ වෙනුවෙන් නීතිමය පියවර නොගන්නා බවයි.
  මේ වන විට මීගමුව නගරයේ කාණු පද්ධතියේ ඇති අක්‍රමවත් බව හේතුවෙන් මෙම ප්‍රදේශයේද දුඟදක් හමන බව එහි පදිංචිවාසින් පවසන ලදි.මීගමුව නගර සභාවට මෙනම වගකිවයුතු ආයතන වල මන්දගාමී ක්‍රියාකලාපය නිසා එහි පදිංචි ජනතාව  විසින් බෝක්කුව බැඳීමට පියවර ගෙන ඇත. ඔවුන්ගේ මුදලින් මෙවැනි දෙයක් සිදු කිරීම තුලින් මහජනතාවට ආදර්ශයක් මෙන්ම මෙවාට වගකිවයුතු නිළධාරීන්ටත් හොඳ පාඩමක් වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here