පිටිපන, ලක්ෂානී පෙරේරා ” ඔලිම්පියාඞ් ” ලෝකඩ පදක්කමක් දිනයි.

0
225
DSC00278new2
   විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ඉරානයේ කි‍්‍රෂ් දුපතේ පසුගියදා පවත්වන
ලද 05 වැනි අන්තර්ජාතික ඔලිම්පියාඞ් තර`ගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කල මීගමුව,
 පිටිපන ඩබ්ලි්‍යු. එම්. ලක්ෂානී පෙරේරා සිසුවිය ගණිත සහ රසායන විද්‍යා අංශයේ
ලෝකඩ පදක්කම ජයග‍්‍රහනනය කර ඇත. එම අංශයේදී ඇය හා තරග කරනු
 ලැබුවේ යුක්රේනය, ඉරානය, රුසියාව, කසකස්තානය, ඔමානය සහ ටර්මකිස්තානය
යන රටවල් නියෝජනය කල සිසු සිසුවියන් පිරිසකි.   ප‍්‍රාථමික අධ්‍යාපනය පිටිපන මධ්‍ය මහා විද්‍යාලයෙන්
ලබා ගත් ලක්ෂානී 06 වසර සිට සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයෙනි.
කදාන ද මැසිනොද් විද්‍යාලයෙන්  උසස් පෙල විභාගයට පෙනී සිටි ඇය ඉන් සමත් වී කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.
 මේ වන විට ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ අවසන් වසරේ ශිෂ්‍යාවකි.
 පිටිපන පදිංචි ශාන්ති ලාල් පෙරේරා සහ කාන්ති  ප‍්‍රනාන්දු යුවලගේ වැඩිමල් දරුවා වූ ලක්ෂානිට එක් නැගෙනියක් සිටින අතර ඇයද
මේ වන විට භෞත චිකිත්සක පාඨමාලාවක් හදාරනු ලබයි.
  මෙම ජයග‍්‍රහනයෙන් පසුව මෙරටට පැමිණි
අවස්ථාවේදී ඇය ඇතුඵ පිරිස එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යාවරාය හමු වුහ.
 එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද ඇය ලද මෙම සුවිශේෂී ජයග‍්‍රහනය වෙනුවෙන්
සිය සුභ පැතුම් එක් කර ඇති අතර එම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ ඉරාන තනාපති ආචාර්්‍ය මොහොමඞ් නබි හසනි පෝ මහතා ද සහභාගී වී තිබිණි.

More Photo >> http://www.tumblr.com/blog/citizenpage

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here