පිටිපන විදුහලේ ගුරු හිගයක් තිබේද?

0
92

13-nidahas-01

((4.56pm)පසුගිය  දිනවල  පිටිපන  මහ  විදුහල තුළ ති පරිපාලන ගැටළු  ගැන  විවිධ  අදහස් ,  තොරතුරු ,මත  පලවිය.  විදුහල්පති  තනතුරේ  සිටි  කන්‍යාසොයුරිය  එම  තනතුර  සදහා  නුසුදුසු  යැයි  පිරිසක්  ප්‍රකාශ  කළ අතර  තව  පිරිසක්  ඇය  පාසැලට  අවශ්‍ය  බව  කියමින්  උද්ගෝෂණ  පවා  කළහ. හිටපු  විදුහල්පති  තුමිය  අවශ්‍ය බව  කියන  පිරිස  සහ  අවශ්‍යනැතැයි  කියන  පිරිස  ලෙස  ගම  දෙකඩවිය.  නමුත්  ඇයට  මේ  සදහා  සුදුසුකම්  නැතැයි  කියා  ඇය  වෙනුවට  වෙනත්   අයෙක්  අමාත්‍යාංශය  විසින්  පත්කරන  ලදී. එසේම  මෙහි  ගුරු  හිගයක්ද  ඇති  බවට  අදහස්  පළවිය. සංඛ්‍යාත්මකව  එය  16ක්  ලෙසද  දැක්වින.  ඒපිළිබදව  වැඩිදුර  තොරතුරු  විමසා  බැලීම  සදහා    අපි  මීගමුව  කලාප  අධ්‍යක්ෂක  තුමා  හමුවිය.  ඔහුට  අනුව  නම්  ගුරුහිගයක්  නැති බවත්  ඇත්තේ   ක්‍රීඩා  ගුරුවරයෙක්  සහ  දෙවන  බස  උගන්වන  ගුරුවරයෙක්  නැතිකම  පමණක්  බවත්ය. මෙම  පාසැලේ  පමණක්  නොව  දුන්ගාල්පිටිය,  දූව,  බසියවත්ත,  මන්කුලිය ,  ශාන්ත  නිකුලා  යන  ඒ අවට  පාසැල්වල  පවා  ගුරුහිගයක්  නැතිබවත්,  නමුත්  දෙවන බස  ඉලැන්වීමටත්,  ක්‍රීඩා  සදහාත්  සමස්තයක්  ලෙස  දිවයිනටම  බලපාන  ප්‍රශ්ණය  මීගමුවටත්  එකසේ  බලපාන  බව අධ්‍යක්ෂකතුමා  පවසයි.   නමුත්  ප්‍රසූති  නිවාඩු  ගියවිට  ඒතුළින්  හිගයක්  පෙනුනද  එය  විදුහල්පතිතුමා  විසින්   කෙසේ  හෝ  පියවන  බවද  අධ්‍යක්ෂකතුමා  තවදුරටත්  ප්‍රකාශකරන  ලදී.
පිටිපන  විදුහලේ   සිසුන්  සංඛ්‍යාව  1448කි.   ඉහතකී   ගැටළුව  එනම්  ගුරුහිගයක්  තිබේනම්  එය  මෙම  සිසුන්ට තදින් දැනෙන  ප්‍රශ්ණයකි. අධ්‍යක්ෂක  තුමාටද    අසත්‍ය   පැවසීමේ  අවශ්‍යතාවයක්   නැත.  ඒනිසා  මේපිළිබද  සැකසංකා  දුරුවී  ඉදිරියේදී  සත්‍ය තොරතුුරු  හෙලිවනු ඇතැයි  අප  විස්වාස   කරන්නෙම.