පියුමිට සහ ගෝමස්ට බඩේ අමාරුව හැදුනේ කාවින්ද හින්දද ?

0
76

bribery-1new(4.00 pm ) පියුමි සහ ගෝමස් යන එජාප නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනාට ඊයේ දිනයේ බඩේ අමාරුවක් හැදි තිබුණ බව සැලය.
මේ නිසා ඊයේ පැවති මහ සභා රැස්විමට සහභාගිවිමට නොහැකි වි තිබුණි.
බිච් පාක් එක වසර 5 ක කාලයකට නගරාධිපති දයාන් ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසාට ලබාදිම සදහා වන යෝජනාවක් ඊයේ දිනයේදි මහසභාවට ඉදිරිපත්විමට නියමිතව තිබුණි.
මේ සදහා පැවැත්විමට නියමිත ඡන්ද විමසිම තිරාණාත්මක එකක් විය.
එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය ඒකමතිකව තින්දු ගෙන තිබුනේ මෙයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරිමටය. මෙම තින්දුව නිමල් ලංසාට එසැණින් ලබාදෙන ජුදාස්ල පිරිසක්ද එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය තුල සිටින බැවින් මේ පුවත නිමල් ලංසාගේ කණවැටි තිබුණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වු නිමල් ලංසා  තාත්තාට වසර 5 කට බිච් පාක් එක කෙසේ හෝ ලබාදිම සදහා වන අවසන් මෙහෙයුම අරඹන්නට කටයුතු කර තිබුණි.
එජාප නාගරික මන්ත්‍රින් වන පියුම් විරසිංහ සහ ගෝමස් යන අය මහසභාවට සහභාගි විය නොහැකි අන්දමේ දරුණු බඩේ ආමාරුවක් හැදුනා යැයි පැවසෙන්නේ  මේ පසුබිම තුලදිය(.රැස්විමට පැමිණ සිටි ගෝමස් මන්ත්‍රිවරයා ඡන්දය ප්‍රකාශ කරන ලද අවස්ථාවේ රැස්විමෙන් පිටව් ගොස් සිටි බව එජාප මන්ත්‍රිවරයෙකු මිපුරට පැවසිය.මේ පිලිබදව විපක්ෂ නායකවරයාද දැනුවත්ව නොසිටි බවද වාර්තා වේ.)
ඉහත සදහන් නාගරික මන්ත්‍රින් දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සමිපතයන්ය.
පසුගිය දිනකදිද මේ දෙදෙනාද ඇතුළු පිරිසක් කාවින්ද මන්ත්‍රිවරයාව හමුවි තිබුණි.
අප දැනටමත් කියා ඇති පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන යනු දායාන් ලංසාගේ හොදම කුළුපග රාත්‍රි මිතුරෙකි.
ඒවන් රාත්‍රින් වර්ණවත් ලෙසින් සුන්දර කිරිම සදහා අතහිත ලැබෙන්නේද මෝසෙස් දායාන් ලංසාගේ ම ආධාරයෙනි.
මේ අනුව අදාල මන්ත්‍රින් දෙදෙනාට බඩේ අමාරුව හැදුන හේතුව ගැන එජාපේ අනික් මන්ත්‍රින් අතර දැන් පුලුල් කථාබහක් මතුව තිබේ.
එහෙත් එය මිගමුවේ බදුගෙවන ජනයාද දැනගතයුතුය.
මහසභා රැස්විමට පැමිණිමට නොහැකි තරමේ බඩේ ආමාරුවක් හැදුන පියුම් විරසිංහ යන අයගේ ඊයේ පෙරවරුවේ පිටිපන ලෙල්ලෙම් සිටි බවද දැනගන්නට ඇත.කෙසේ වෙතත් මේ සිදුව්ම පිලිබදව දැන් පුලුල් සමාජ කතිකාවක් නිර්මාණය වි ඇත.කෙසේ වෙතත් සැප්තැම්බර් 9 වනදා සවස් වරුවේ මිපුර වෙබ් අඩව්ය අමතා කතා කල ගෝමස් මන්ත්‍රිවරයා කියා සිටියේ තමන් බඩේ අමාරුවක් හැදුන නිසා රැස්විමෙන් පිටව ගිය බවයි.තමා  පිටව යන බව  යන තම කණ්ඩායම් නායකයා⁣ට දැනුවත් කලේදැයි