පිරමීඩ වංචාකරුවෙකු අත්අඩංගුවට

0
375

“ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන  ගිය පුද්ගලයෙකුව අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුට ගෙන තිබේ. මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක්  ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් මොහුව අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින් බිඳුණු වැව ප්‍රදේශයේ සැකකරුවෙකි.සැකකරු උපාධිධාරියෙක්, ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති සැකකරු දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.

ඡායාරූප – ලංකාදිප