පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ශ්‍රිලනිප අපේක්ෂකයන් ලේ වලින් දුන් පොරොන්දුව මාර්තු 22 ක පාවා දෙන අය කව්ද ?

0
86

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක ලලිත් ටෙන්සිල් මහතාගේ නායකත්වයෙන් කැදවූ රැස්වීමකදි  එම  ආගමික නායකයන් හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන්  එක්ව සිටි මොහොතක සියළුම ශ්‍රිලනිප අපෙක්ෂක අපෙක්ෂිකාවන් විසින් ලේ වලින් දුන් එක් පොරොන්දුවක් විය.
එනම් පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් පමණක් මිගමුවේදි පෙනි සිටින බවය.
මෙහිදී  අත ලකුණින් තරග වැදීමට නියමිත අපේක්ෂක කණ්ඩායම ජනාධිපතිවරයාගේ අභිමතය වන පිරිසිදු නගරයක් යන තේමාව යටතේ ජනතාවට අවංකව හා පිරිසිදු දේශපාලනයක නිරත වන බවට පොරොන්දු පත්‍රිකාවකට අත්සන් තබන ලදී.
දැන් එළඹි ඇත්තේ මේ ලේ පොරොන්දුව මීගමුව නගරය වෙනුවෙන් ඇත්තට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන ලිට්මස් පරික්ෂණයයි.
එනම් මාර්තු 22 වනදා ඇරඹෙන පළමු මීගමු මහනගර සභා රැස්විමේදි ශ්‍රිලනිපයෙන් පත්ව සිටින අපෙක්ෂකයන් 6 දෙනා කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන අද මුළු මිගමුවට බලා සිටි.
දශකයකටත් වැඩි කාලයක් මේ නගරය චිකාගෝවක් කළ නගරයේ ඉඩම් ඇතුළු ආර්ථික මර්මස්ථාන මංකොල්ල කෑ, නගරයට අල්ලස කප්පම් බෝකළ පැවැති පාලනය හමාර කිරිමට ලලිත් ටෙන්සිල්ගේ සහ සකාවුල්ලාගෙ නායකත්වයෙන් තරග වැදුන අපෙක්ෂකයන් එළඹෙන නගර සභාව තුලින් පැවති ඒ අමන අධම පාලනය අතුගා දැමිම සදහා තින්දුවක් ගතයුතුව තිබේ.
මේනිසාම ලලිත් ටෙන්සිල් මෙන්ම සකාවුල්ලාද මීගමුව තුල යහපාලනය ස්ථාපිත කිරිම සදහා ඉහල දේශපාලන නායකත්වයේ මගපෙන්විම මත කටයුතු කරගෙන කළයුතුව තිබේ.
තවත් අයුරකින් කියන්නේ නම් ආගමික නායකයන් ඉදිරියේ දුන් තම ලේ පොරොන්දුව මීගමුව නගරයට විනාශය කැන්දු පාලනයකට එරෙහිව දිය යුතුව යන්න ඔවුන්ගේද ස්ථාවරය වි තිබේ.
තතු එසේව තිබියදි මීගමුවේ කළු සල්ලි ජාවාරම්කරුවන් මේ වන විට කැසකවමින් සිටින්නේ මිලියන් ගණනින් ගෙවා මන්ත්‍රිවරුන් මිලට ගැනිමටය..
මුදලට හෝ වෙනත් දේවල් වෙනුවෙන් කිසිලෙසකින් වත් මේ ලේ පොරොන්දුව පවා දෙන්නට කව්රුන් හෝ සුදානමින් සිටින්නේ නම් ඔහු හෝ ඇය සෙල්ලමට ගන්නේ ආගමික නායකයන් ඉදිරියේදි ලේ වලින් දිව්රා දුන් පොරොන්දුවකි.
එපමණක් නොව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මේ ලේ පොරොන්දුව ගැන මහත් වු පැසසුමක් මීගමුවේදි පැවැති අවසන් ප්‍රචාරක රැළියකදි සිදුකර තිබුණි.

මේ වන විට