පිරිසිදු පානීය ජලය මානව හිමිකමකි!

0
790
පිරිසිදු පානීය ජලය මානව හිමිකමකි, යන මාතෘකාව යටතේ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සඳහා පිරිසිදු පානීය ජලය ලබා ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව බලධාරීන් හා සාකච්ඡාව ඊයේ ( 27) කටුනායක නගර සභා ශාලාවේදී සිදු කරන්නට යෙදිණි.
සෞඛ්ය බලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, නේවාසිකාගාර හිමියන්, නිවෙක කම්කරුවන් ඇතුළු රාජ්ය නිලධාරීන් එම සාකච්ඡාවට ක්රියාකාරීව සහභාගි වූහ.391606851 3709423129288478 8807615519986612091 n391769912 3709422845955173 2865126079162182716 n
මෙම සාකච්ඡාව එම ප්රදේශයේ පරීක්ෂා කරන ලද ජල නිදර්ශකවල ප්රතිඵල මත පදනම් වූ අතර විශේෂයෙන් එම ජලයේ කොලිෆෝම් සහ අනෙකුත් අනවශ්ය ද්රව්යවලින් අපවිත්ර වී ඇති බව සටහන් විය.
අනවසර ඉදිකිරීම් සහ අධික ජන ඝනත්වය මෙම ජල දූෂණයට හේතු වී ඇති අතර මෙම කර්මාන්ත ප්රදේශයෙන් අපජලය මුදා හැරීමේ ක්රම මගින් භූගත ජල ධාරාවන් අපවිත්ර වීමට ඉඩ ඇති බවත් මේ පිළිබඳව සොයා බැලිය යුතු බවත් සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
තවද, කර්මාන්තශාලා අපද්රව්ය පිළිකා සහ වකුගඩු සහ අනෙකුත් නිදන්ගත රෝග වලට තුඩු දෙන අන්තරායකර රසායනික ද්රව්ය සහ බැර ලෝහ විශාල ප්රමාණයක් අඩංගු විය හැකි නමුත් ඒවා සඳහා වන අධික පිරිවැය හේතුවෙන් සරල පරීක්ෂණ වලදී හඳුනාගත නොහැකි බව සාකච්ඡා විය.
ඒ අතරම, ගෘහස්ථ හා වාණිජ මට්ටමින් භාවිතා කළ හැකි ගල් අඟුරු, වැලි සහ පෙරහන් වර්ග භාවිතයෙන් ජලය පිරිපහදු කිරීමේ පවතින සහ සාම්ප්රදායික ක්රම සහ ප්රදේශයේ ළිං ක්ලෝරිනීකරණය කිරීමේ වැඩසටහන වෙත සාකච්ඡාව යොමු කරන ලදී.

අවසාන වශයෙන්, මෙය කාලය අවශ්ය සාකච්ඡාවක් බව සියලු දෙනා එකඟ වූ අතර, මෙම සාකච්ඡාව පදනම් කරගත් ක්රියාකාරී සැලැස්මක් සමඟ ඉක්මනින් රැස්වීමේ අරමුණින් සැසිවාරය කල් තබන ලදී.

(චන්ද්‍රා දේවනාරයනගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here