පිස්කල් හන්දියේ පිහිටි තැපැල් කණුව ගරා වැටී ඇත

0
171

 

 

මීගමුව නගර මධ්‍යයේ පිස්කල් හන්දියේ පිහිටි මහජනතාවට සිය ලිපි යැවීම සඳහා ඉදිකර තිබූ තැපැල් කණුව කලක් සිට ගරා වැටී එහි තිබෙන ලෝහමය දොරටුවද දිරාගොස් ගැලවී ඇත. දැන් එම තැපැල් කණුවට ජනතාව ලිපි දැමීමක් සිදුකරන්නේ නැති අතර තැපැල් සේවක මහතා ද පැමිණෙන්නේ නැත.මීගමුව සංචාරක පුරයක් බැවින් විදේශීය සංචාරකයන්ද එම ප්‍රදේශයේ ජනතාවද එම තැපැල් කණුවෙන් ලබාගත් සේවය අතිමහත්ය,මේ සම්බන්ධව බලධාරීන් දැනුවත් කළත් කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණ බව ප්‍රදේශවාසීහු පවසති.

රේමන් අපෝන්සු මීගමුව