පිස්තෝල එරාජ් නිදැල්ලේ – රොයිස් විජිත යළිත් බන්ධනාගාරයට ?

0
39

හම්බන්තොට නිරික්ෂණ චාරිකාවක නිරතවු එජාප මන්ත්‍රින්ට පිස්තෝල ඇතැතිව පැමිණ විවිධ හිරිහැර කළ හම්බන්තොට නගාරාධිපති එරාජ් මහතා තවමත් නිදැල්ලේය.
ගිනිඅවියක් අතදරා සිටියේ යැයි කිසිදු ප්‍රකාශිත සාක්ෂියක් නැති මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත අද දින මීගමුව මහේස්‍රාත් අධිකරණය විසින් යළිත් බන්ධනාගාරගත කිරිමට නියෝග කරන ලදි.
ගිනි අවි සම්බන්ධ නඩු සදහා එම අධිකරණයෙන් ඇප ලබාදිය නොහැකි නිසා තවත් දෙසතියක් සදහා  රොයිස් විජිත මහතාව මෙසේ බන්ධනාගාරගත කොට ඇත.
මේ අතර ජුවෙල් ලංකා මංකොල්ලය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ඉතිරි සැකකරුවන් දෙදෙනාව අද දිනයේ පෙරට්ටුවකට ඉදිරිපත්කළද ඔවුන් හඳුනාගැනිමට කිසිවෙකුටත් නොහැකිවිම නිසා බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර මේ මංකොල්ලය සදහා හෙල්මට් මිළට ගැනිමට පැමිණ තිබුණා යැයි කි සැකකරුව අත්අඩංගුවට ගෙන දින 2 කක් ඇතුළත ඇප ලබාදි රජයේ සාක්ෂිකරුවෙකු පවට පත්කර තිබේ.
rois hand cup