පිහිනීමට කප් ගැසූ අන්ජු සොනාලි

0
64
????????????????????????????????????

????????????????????????????????????

උපතින්ම   ලැබෙන  හැකියාවන්  මත  ලොව  විශේෂ  පුද්ගලයින්   බිහිවී  සම්මානයට  පාත්‍රවන  ආකාරය අපි දැක ඇත්තෙමු.   සුසන්තිකා  වැනි අය බිහිවන්නේ ද  එවැනි  පසුබිමකය.  මෙලෙස  කුඩාකල සිට  තම  හැකියාවන් වර්ධනය  කරගැනීමෙන්  අදවනවිට  පාසැලේ   දක්ෂ  ක්‍රීඩිකාවක්  බවට පත්වීමට  අන්ජු  සොනාලි  අමරතුංග   දැරියටද  හැකියාව  ලැබීඇත.   මීගමුව  දළුවකොටුව  සුභසාධක  මාවතේ  පදිංචි ඇගේ  පියා  පේමසිරි  පෙරේරා  වන අතර  මව  ආවේ  මරියා  පුද්ගලික   රෝහලේ  සේවය  කරන සුරේකා  නිමාලි  නවරත්නය.

මීගමුව  ලොයලා  විද්‍යාලයේ   අටවන  වසරේ   ඉංග්‍රීසි  මාධ්‍යයෙන් ඉගෙනුම  ලබන  සොනාලි  දැරිය  පළමු  වසරේ  සිටම  පිහිනුම්  ක්‍රීඩාව  කෙරෙහි  අවධානය  දුන්බව  ඇගේ  පියා  අප සමග  පැවසීය. මේවනවිට  වයස  අවුරුදු  12ක්  පමණ වුවද  විවෘර්ත  තරග වලටද  සහභාගිවී  සහතික  ලබාඇත.   තරග  වලට  සහභාගිවී   ඇය  ලබාඇති  සහතික  ප්‍රමාණය  ඉතා  විශාලය.  11න්  පහළ   13න් පහළ  14න් පහළ  යනාදී  සෑම  මට්ටමකදීම  ඇය  විශිෂ්ඨ  සම්මාන  ලබාඇත.ප්‍රථමයෙන්  පාසැලේද   දෙවනුව   වෙනත්  පාසැල් සමගද  මේවනවිට  ජාත්‍යන්තර  මට්ටම  කෙරෙහිද  අවධානය  යොමු කිරීමට    සමත්වී   සිටින  ‍සොනාලිට   පෙන්වා ඇති  දක්ෂතාවය  අනුව  ආරාධිත   පිහිනුම්  තරග  සදහා  මැලේසියාවට  යාමට    ආරාධනාවක්  ලැබී ඇත.

මෙහිදී  දරුවාගේ  පියා   සහ  මව  ඇයට  අවශ්‍ය  සියළු දෑ   සපයා  දෙමින්  දිරිමත්  කරයි.  අනෙකුත්  අධ්‍යාපන  කටයුතුවලට  අමතරව   පිහිනුම් ක්‍රීඩාව  සදහා  අවශ්‍ය  ඇ÷ම්  ආදියට  විශාල  වියදමක්   දැරීමට  වන බව   පේමසිරි  මහතා  අප සමඟ  පැවසීය. ඒවා සියල්ල   දරාගත  හැකිවුවද   දරුවාගේ  දක්ෂතාවය  ගැන  නිසි ඇගයීමක්   නැතිවීම  ගැන  තමන්  කණගාටුවට  පත්වනබව   ඔහු  තවදුරටත්  පවසයි. නමුත්  ඉදිරියටත්   තම හැකියාව  සහ  දක්ෂතාවය  මත  පියාගේ  ප්‍රාර්ථනාව  ඉටුකිරීමට  සමත්වූ  ශක්තියක්  ඇය  සතුව  පවතින  බව   අපගේ  විශ්වාසයයි. ඒ අනුව   අපසැම  ඇයට  සියළු  බාධක  ජයගෙන  ඉදිරියට  යාමට   ශක්තිය  සහ  ධෛර්ය  පතන්නෙමු.

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි