
( 3.15 pm ) ලංකාව පුරා විහිදි ඇති පළාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා මිගමු මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්ෂ ඇතුළුව කණඩායම් 20 ක් අද දිනයේ නාම යෝජනා භාර දිමට කටයුතු කර ඇතැයි වාර්තා වේ .
නාම යෝජනා භාර දිමට ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් සිටින පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වල නියෝජිතයන් තවමත් එහි රැදි සිටින ඉදිරිපත්ව ඇති ලයිස්තු වෙනුවෙන් විරෝධතා කිපයක් ඉදිරිපත්ව ඇති බැවින් ඒවා නිරාකරණය කරගන්නා තුරු රැදි සිටින බව අප කළ විමසුමකදි දැනගන්නට ලැබුණි.