පීටර්ස් මෙන්ඩිස් පාරේ කඩා වැටුණ කාණුව

0
199

මීගමුව කුඩාපාඩුව පීටර් මෙන්ඩිස් පාරේ පිහිටි ප්‍රධාන කාණු මාර්ගයකි. එම පාරේ අංක 14 සහ අංක 12 යන නිවස් දෙකකට මැදිව මෙම කාණුව පිහිටා ඇත. දැනට මාස 10කට පමණ පෙර  මීගමුව නගර සභාව විසින් ටෙන්ඩර්කරුවෙකු ලවා  මෙම කාණු මාර්ග ඉදිකිරීමට බාරදී තිබුණි. එහෙත් අද එම කාණු මාර්ගයට අත්වී ඇති ඉරණම ජායාරැපයේ දැක්වේ.
සිමෙන්ති යොදා ඉදිකළ මෙම කාණුවේ දෙපැත්ත පමණක් ඉදිකර එහි පතුලට  සිමෙන්ති හෝ  කොන්ක්‍රීට් දැමීමට  ටෙන්ඩර්කරු අසමත්වී ඇත.
ඒ අනුව මීට පමණ පෙර  කාණුවේ දෙපැත්තේ බැමි  කඩා වැටී ඇත.  ඒ නිසාම කාණුවේ ජලය ගලායාම නිසිපරිදි සිදුනොවී  කුණු හා ජලය එකතු වී ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණ කාණුවේ කැඩී ඇති  බිත්ති සහ ගල් නගර සභාවේ බැකෝ ආධාරයෙන් පීටර්ස්  මෙන්ඩිස්  මාවතට ඇද දමා ඇතත්  මෙම කාණුව පළලින් අඩු නිසා කාණුවට බැකෝ යන්ත්‍ර යැවීමට අපහසුතාවයක්  මතුවී ඇත.
මේ ගැටළුව සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ ඉංජිනේරු අංශයට දැනුම් දුන් බවත් නියෝජ්‍යය නාගරික ඉංජිනේරුවරයාට දමේ බව පෙන්වා දි ඇති බවත් මේ වනතෙක් මෙම ගැටලුවට විසදුමක් නොමැති බවත් එම ජනතාව චෝදනා කරති.
යළිත් වැසි සමයක් ඒමට පෙර මෙම කාණු මාර්ගයේ කඩා වැටී ඇති සිමෙන්ති සහ ගඩොල් ඉවත් කර කාණුව පිළිසකර කර දෙන ලෙස  එම පාරේ වෙසෙන ගම්වාසින් ඉල්ලා සිටිති.