පීඩාවට පත් මීගමුවේ ජනයාගේ ප්‍රශ්ණ වලට ඇත්ත උත්තර හොයන ප්‍රාදේශීය ලේකම් තුමිය.

0
117
මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමි

NGB AGA( 8.00 am ) ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන්ගෙන් වැඩක් නැත. මිගමුව නගරය අද සැබැවින්ම මුහුණ දි ඇති බැරැරුම් ප්‍රශ්ණය වන්නේ මිගමුවේ ඇත්ත අවශ්‍යාතාවයන් වලට බුද්ධිමත්ව පිලිතුරු සෙවිය හැකි දේශපාලන  අධිකාරියක් නොතිබිමය.
නිසි අධ්‍යපාන සුදුසුකමක් හෝ අවම තරමින් හොද චරිත සහතිකවත් නැති මැටිමෝල් බහුතරයකගෙන් සමන්විත මිගමුවේ දේශපාලන අධිකාරිය මෙන්ම එයට තකට තක සේ ගැලපිලා යන තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය සැබැවින්ම මිගමුව ශාපයකි.
තතු එසේව තිබියදි මිගමුවට පැමිණ ඇති ප්‍රාදේශිය ලේකම්වරිය ඇත්තටම යමක් කළ හැකි අයෙකු සේ පෙනි යාම මිගමුවේ ජනයාට සතුටට පත්විමට ඇති දැනට ඇති එක් ප්‍රධාන කරුණ වෙයි.
ඒ මන්දයත් මිගමුවේ රාජ්‍ය නිළධාරි ලොකු ලොක්කන් අති බහුතරයක් මේ වන විට දේශපාලන අධිකාරියේ සපත්තු ලෙවකන මට්ටමට වැටි ඇති බොරු ශෝභනයකාරයන් යැයි ඇස්පනා පිටම හෙළිදරව් වෙමින් ඇති පසුබිමකය
පසුගිය දිනක මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය මිගමුව තුල කොරෝනා හේතුවෙන් පිඩාවට පත්ව සිටින ධිවර ප්‍රජාව  ගැන මෙන්ම සංචාරක කර්මාන්තයේ නියැලුන අය ගැන වඩාත් අවධානයෙන් සිටින බව පෙනි ගියේ ඇය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අදහස් ගැන සලකා බැලිමේදිය.
ඇත්තටම මිගමුවට  සැබැවින්ම ආදරය කරන අය කළ යුත්තේ ප්‍රාදේශිය ලේකම්තුමිය වැනි උගත් බුද්ධිමත් දැක්මක් ඇති රාජ්‍ය නිළධාරින් වෙක  වෙත අතදිගහැර සහය ලබා දි ඒ අය හරහා පිඩිත ජනයාට උදව් උපකාර කිරිම මිස  චාරයක් නැති ශෝභන දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශන ව්‍යාපෘතිවලට හිරවි ලාහෙට ප්‍රසිද්ධියට පත්ව ඒ දේශපාලකයන්ගේ කුණු හත්පලේම ගාගැනිම නොවන බවද මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු