පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටි වරදට ඝාතනය කල සැල්වදෝර පූජක රොමේරෝ එළඹෙන වසරේදී ශුද්ධවරයට.

0
83
ඔස්කා රොමේරෝ පූජකතුමන්
ඔස්කා රොමේරෝ පූජකතුමන්
ඔස්කා රොමේරෝ පූජකතුමන්

 

රෝමේරෝ පූජකතුමන්ගේ 35වන ඝාතන සැරුමේදී කාන්තාවක් විසින් ඔහුගේ ඡායාරූපයක් රැගෙන යන අයුරු
රෝමේරෝ පූජකතුමන්ගේ 35වන ඝාතන සැරුමේදී කාන්තාවක් විසින් ඔහුගේ ඡායාරූපයක් රැගෙන යන අයුරු

දක්ශිනාංශික කල්ලියක් විසින් ඝාතනය කර දැමූ සැල්වදෝර පූජකයෙකු වන ඔස්කා රොමෙරෝ පූජකතුමන් ශුද්ධවරයට එසවීමට පාප්තුමන් තීරණය කර ඇතැයි වාර්ථා වනවා. හිටපූ අගරදගුරු රොමේරෝ පූජකතුමන්ගේ නාමයෙන් සිදුවූ ප්‍රාතිහාර්යක් මේ වන විට පාප්තුමන් විසින් අනුමතකර ඇති අතර ඒ අනුව බොහෝ විට එළඹෙන වසරේ මුල් භාගයේදී රෝමේරෝ පූජකතුමන් ශුද්ධවරයට එසවෙනු ඇති.

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මරණීය තර්ජන වලින් පසුව 1980 වසරේදී එල්සැල්වදෝරයේ පැවැති යුද්ධය අතරතුරදී අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් වලකින ලෙස ඔහු හමුදාෙවන් ඉල්ලීමක් කල දිනට පසු දින එනම් 1980 මාර්තු 24 වනදා ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිසට එල්ල කරනලද වෙඩිපහරකින් රෝමේරෝ එතුමා මියගියේය. ඉන්පසු පාප්තුමන් පාප් පදවියට පත්වීඹත් සමගම මෙ සැල්වදෝර පූජකතුමන් ශුද්ධවරයට එසවීම සදහා සිය කටයුතු ආරම්භ කල නමුත් රොමේරේ පූජකතුමන් ශුද්ධවරයට එසවීම සම්බන්දයෙන් කතෝලික සභාවේ බොහෝ දෙනෙකුගේම අකමැත්ත පලවීම විශේෂත්වයකි. රොමේරෝ පූජකතුමන් නිදහස් මතධාරියෙකු වීම හේතුවෙන් එම මතයන් නොරුස්සන කතෝලික සභාවේම පූජකතුමන්ලා විසින් මේ ආකාරයෙන් එතුමන් ශුද්ධවරයට එසවීම පිලිබදව සිය අකමැත්ත පල කරඇත.

“දෙවියන් වහන්සේගේ නාමයෙන්,මේ දුක්විදින ජනතාවගේ නාමයෙන් ,මා ඔබෙන් යදිනවා,ඔබෙන් ඉල්ලා සිටිනවා, දෙවියන්ගේ නාමයෙන් මේ මර්ධනයෙන් නවත්වන්න” ලෙස  රොමේරෝ පූජකතුමන් විසින් පැවැත්වූ ඔහුගේ අවසන් දේශනයේදී ප්‍රකාශකලේය. එලෙසම ඔහුගේ දිනපොතේද ඔහු මෙසේ සටහනක් තබා ඇත. එ් සටහනට අනුව පොහොසත් බලවන්ත හා දුප්පත් නිරන්තර ගොදුරු බවට පත්වන ජන කොට්ටාස අතුරින් පූජකතුමෙකු තෝරගත යුත්තේ කාගේ පැත්තද? කිසිදු විවාදයකින් තොරව පූජකතුමෙකු විසින් තෝරා ගත යුත්තේ තමන්ගේ ජනතාවගේ පැත්තයි.

කෙසේ හෝ සභාවේ ඇතැමෙකුගේ පදනම්විරහිත අකමැත්ත මතදී පවා පාප්.තුමන් විසින් 2019 වසරේ මුලාභාගයේදී ඔස්කා රොමේරෝ පූජකතුමන් ශුද්ධවරයට එසවෙනු ඇත.